, , ,

සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

හොලිවුඩ් නිළි කැරී මියගොස් දිනකින් මවත් මියගියා – කැරීගේ මරණයට හේතුව කොකේන් බව දැන් හෙළිවෙලා

පසුගිය දෙසැම්බර් මාසයේ ජනප්‍රිය හොලිවුඩ් නිළි කැරී ෆිෂර්ගේ මරණය වාර්තාවීමත් සමග ඊට දිනකට පසු ඇගේ මව වන පැරණි හොලිවුඩ් නිළි ඩෙබී රෙනෝල්ඩ්ද දුව මියගිය ශෝකයෙන් මියගිය බවට වාර්තා පළවුණා.
සිනමා රසකාමීන්ගේ කම්පනයට හේතුවූ මෙම මරණ පිළිබඳ ආරංචිය අලුත් කරමින් කැරී ෆිෂර් මියයන්නට හේතුවූ කරුණු රෝහල මගින් ප්‍රසිද්ධ කර තිබේ. හුස්ම ගන්නට බැරිව සිට හෘදයාබාධයක් ඇතිවූ බව කියැවුණ නමුත් ඇය මරණයට පත්කරවන්නට මුල්වූ හේතුව ඇගේ අසාමාන්‍ය මත්ද්‍රව්‍ය ඇබ්බැහිය බව එම වාර්තාවේ දැක්වෙයි.
සුප්‍රකට ස්ටාර් වෝර්ස් කථාමාලාවේ ලේයා කුමරියගේ චරිතයට පණ පෙවූ කැරී ෆිෂර් මිය යනවිට වයස අවුරුදු 60කි.
චිත්‍රපට රංගන ශිල්පයට අමතරව තිර රචිකාවක ගත් කතුවරියක ලෙසද දස්කම් දැක්වූ ඇය ඇගේ අලුත්ම ග්‍රන්ථය The Princess Diarist සම්බන්ධ වැඩ කටයුතු වලට පසුගිය දෙසැම්බර් මාසයේ ලන්ඩන් නුවරට ගොස් නැවත ලොස් ඇන්ජලීස් වෙත එද්දී ගුවන්යානය ගොඩබාන්නට මිනිත්තු 15 ක පමණ සිට හුස්ම ගැනීමේ අපහසුතාවයක් නිසා අසාධ්‍යවී තිබුණි. ගුවන්යානය ගොඩබෑමෙන් පසුව රෝහල් ගත කළ ඇය දින 4 කට පසු මියගියේ ලොවම හඬවමිනි.
ඇගේ මරණයට හේතුව ලෙස එවක වාර්තා කර තිබුනේ හදිසි හෘදයාබාධ තත්වයක් වන අතර වැඩිදුර තොරතුරු විමර්ශනය කරන බවද රෝහල දන්වා තිබුණි.
ඇගේ මරණය නිසා කම්පනයට පත්වූ බව කියන ඇගේ 84 හැවිරිදි මව ඩෙබී රෙනොල්ඩ්ස් ඉන් දිනකට පසු මෙම ආරංචිය දරාගන්නට බැරිව රෝහල් ගතකළ අතර පසුව මියගියාය.
දියණියගේ සමුගැනීම නිසා කම්පනයෙන් සිටි ඇය ‘මට දියණිය වෙත යායුතුයි‘ කියා අවසන් මොහොතේ ප්‍රකාශ කර තිබුණි.
මියගිය කැරී ස්ටාර් වෝර්ස් චිත්‍රපටයට අමතරව Shampoo (1975), The Blues Brothers (1980), Hannah and Her Sisters (1986), The ‘Burbs (1989), and When Harry Met Sally (1989) වැනි චිත්‍රපටවලද රංගනයෙන් ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගත්තාය.
කෙසේ වෙතත් ඇගේ මරණයෙන් මාස 6 කට පමණ පසු 2017 ජුනි මාසයේ කැරී ෆිෂර්ගේ මරණයට හේතුව රෝහල මගින් ප්‍රසිද්ධ කර තිබේ. එම වාර්තාවේ සඳහන් වන්නේ අධික ලෙස කොකේන් මත්ද්‍රව්‍ය ලබාගෙන තිබීම නිසා ඇයට ගුවන්යානයේදී හුස්මගැනීමේ අපහසුතාවන් ඇතිවූ බවකි.
ඇයට අමාරුව ඇතිවෙන්නට දින 3 කට පෙර කොකේන් අධිමාත්‍රාවක් ලබාගෙන තිබුණ බවට රසායනාගාර පරීක්ෂණ සනාථ කර තිබේ. වාර්තාවට අනුව හෙරොයින් කොකේන් මෙන්ම එකස්ටැසි මත්ද්‍රව්‍ය වර්ග 3 ම ඇගේ රුධිරයේ අනු කොටස්වල තිබී ඇත.
මියගිය කැරී 24 හැවිරිදි දියණියක සිටින මවක් වූ අතර ඇගේ අසාර්ථක එකම විවාහය පැවතී ඇත්තේ වසරක කාලයක් පමණි. මේ මරණ වාර්තාව ගැන අදහස් දක්වන්නට ඉදිරිපත්වූ ඇගේ සහෝදරයා පවසා ඇත්තේ තම සහෝදරිය මියගිය හේතුවට එකඟ බවයි. ඇය මත්ද්‍රව්‍ය පාවිච්චිය සිදු කරන්නේ තමා දන්නා තරමින් වයස 13 සිට බව කියූ ඔහු ඒකාලයේ මර්ජුවානා ලබාගත් ඇය වයස 21 සිට LSD වලට ඇබ්බැහිවූ බවද පවසා ඇත. මේ හේතුවෙන් 24 වන වියේදී ඇය රෝගී තත්වයට පත්වුවත් නැවත මත්ද්‍රව්‍ය ඇබ්බැහිය පුරුද්දක් ලෙස සිදු කර තිබේ. ඇය ඇතැම් සම්මුඛ සාකච්ඡාවලදීත් තමන්ගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය හා දුම්පානයේ පුරුද්ද නවත්වාගන්නට අපහසු බව දන්වා ඇති බවත් ඇයගේ ඇතැම් වේදනාවන් සමනය පිණිස කොකේන් ලබාගත් බව තමන්ට කියා ඇති බවත් ඔහු පැවසුවේය.
අවුරුදු 60 ක් වයස වුවත් ඉතාමත් ක්‍රියාකාරී චරිතයක් වූ කැරී ෆිෂර් 2016 මියයන මොහොත දක්වාම සිය දක්ෂතාවයන්ට අදාළ කටයුතු වල යෙදී සිටි තැනැත්තියකි. මියගිය අවුරුද්දෙත් ඇය චිත්‍රපට 3 කට සම්බන්ධවී වැඩ කර තිබුණි.
ඇය මියයාමෙන් පසු උපහාර පිණිස සකස් කළ වීඩියෝවක් පහතින්


What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Facebook හි ‘ඩිස්ලයික්‘ බොත්තමක් දැමීමට සකර්බර්ක් තීරණය නොකරන හේතුව

ජයවර්ධනපුර රෝහලේ ශල්‍යාගාරයේ පමණක් ඇති සැත්කම් කරන රොබෝ අත