, ,

සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

මසුන් ගොළුබෙල්ලන් මීමැස්සන් ආඳා පැටවුන් යොදා සිදු කරන රූපලාවන්‍ය ප්‍රතිකාර

Disgusting Beauty Treatments

අද කාලයේ සතුන් යොදවා මිනිසුන්ට කරන ඇතැම් ප්‍රතිකාර ක්‍රම ජනප්‍රිය වෙමින් පවතී. මේවා බොහොමයක් විද්‍යාත්මක පදනමකින් ප්‍රතිකාර ලෙස නිර්දේශ කර ඇති ඒවා නොවන නමුත් ජනප්‍රිය අලෙවි උපක්‍රම සහ වෙනස් අත්දැකීම් ලබන්නට ඇති ස්වාභාවික මිනිස් ආශාව නිසා පැතිරෙමින් පවතී.

කුඩා ආඳන් ලවා සිරුරේ පෙනුම ලබාගැනීම

පැන්සලක තරම් කුඩා ආඳා පැටවුන් විවිධ අයගේ ප්‍රතිකාර සඳහා යොදාගන්නා ස්ථාන චීනයේ බහුලය. මෙමගින් සමේ පවතින පෙනුම වර්ධනය කර දෙන බව ඒවා සිදු කරන අය කියා සිටී.
මිල අධික ප්‍රතිකාර විධියක් හැටියට ගැණෙන මෙම සේවාව ලබාගැනීමට චීනයට පැමිණෙන සංචාරකයින් විශාල උනන්දුවක් දක්වන බව කියැවේ.
කෙසේ වෙතත් සම්පූර්ණ ශරීරය ආඳන්ට නිරාවරණය කිරීමෙන් ඇතැම් සියුම් ඉන්ද්‍රියන්ට එම සතුන් ඇතුළුවීම නිසා ගැටලුද හටගෙන තිබේ. මේ නිසා ඇතැම් ස්ථානවල ආඳන්ට සිරුරේ කොටසක් පමණක් නිරාවරණයට අවස්ථාව සලසා ඇත.
‘ආඳන් සිරුරේ දිවයන විට සෙවල ගතියක් දැනෙනවා. අමුතු ප්‍රබෝධයක් හටගන්නවා. මෙය හරිම අපූරු වැඩක්‘ මේ අත්දැකීම ලැබූ සංචාරකයෙකු පවසා ඇත.

මීමැස්සන් ලවා විදවා කැසීම් ප්‍රදාහයන්ට ප්‍රතිකාර

ප්‍රකට හොලිවුඩ් නිළි ග්විනිත් පල්ට්‍රොව් Gwyneth Paltrow පුවත්පත් සම්මුඛ සාකච්ඡාවලදී ඇය යොදාගත් අමුතු ප්‍රතිකාර ක්‍රමයක් ගැන සඳහන් කර තිබේ. ඒ මීමැස්සන් ලවා සිරුරේ විදීම් සිදුකර ලබාගන්නා ප්‍රතිකාරයක් ගැනයි.

‘මම මී මැස්සන් මගින් සිරුර බලවත් කිරීමේ ප්‍රතිකාර කර තියෙනවා. එය apitherapy නමින් හඳුන්වන වසර දහස් ගණනක් පැරණි ප්‍රතිකාරයක්. යම් යම් ප්‍රදාහයන් සහ කැසීමෙන් මිදෙන්න එය යොදා ගන්නවා.
එය ඔබටත් පරීක්ෂා කර බැලිය හැකියි. අදහන්න අමාරු තරම් ගුණයක් ලැබෙනවා. නමුත් මතක තබාගන්න එය වේදනාකාරී එකක්.‘ ඇය පවසා තිබේ.
මෙම ප්‍රතිකාර වලින් අධික වේදනාවක් ලබන අතරම ඇතැම් විට මරණය පවා සිදුවන්නට ඉඩ ඇති බවත් වෛද්‍යවරුන් දන්වා ඇත. කෙසේ වෙතත් එම මරණ සිදුව ඇත්තේ ප්‍රතිකාරය අක්මාවට ඇතිකරන බලපෑමකින් ඇතිවන වෙනත් හේතුමත බවටද වාර්තාවී ඇත.

මාළුන්ට කිතිකවන්න කියා ලබන ප්‍රතිකාර

ලෝකයේ බොහෝ සංචාරක නගරවල මත්ස්‍යයන් ලවා සම අලුත්කරවාගැනීම හා සම්බාහනය සම්බන්ධ ප්‍රතිකාර දැකිය හැකිය. වෙනදා නැති අත්දැකීමක් ඉන් ලද හැකි බව බොහෝ අය විස්තර කර තිබේ.
මිනිස් සිරුරේ මාළුන් තෙරපීමෙන් ලබන සම්බාහනය මෙන්ම මතුපිට සම ඉවකර මැරුණු සම ඉවත් කිරීමට උන් දරන උත්සාහය නිසා අලුත් සමක අලංකාරය අත්විඳින්ට හැකියාව ලැබේ.
කෙසේ වෙතත් කුසගින්නේ සිටින මසුන් ආහාර වියරුවට පත්වූ අවස්ථාවක මෙම ප්‍රතිකාර ලබාගන්නට යන අය සමින් ලේ වහනය ඇතිවූ අවස්ථා මෙන්ම ඇතැම් කරුනු හේතුවෙන් දිලීර ආසාදන ඇතිවූ අවස්ථාද වාර්තාවී තිබේ.

මුහුණේ ගොළුබෙලි ප්‍රතිකාර

මුහුණේ රැළි ගතිය හා කැළැල් අඩු කිරීමට කුරුළෑ සුව කිරීමට මුහුණ මත සජීවී ගොළුබෙල්ලන් තබා උන්ට මුහුණ සිපගන්නට අවස්ථාව සලසා දීම නවීන රූපලාවන්‍ය ප්‍රතිකාර විදිහක් ලෙස ගැනේ. මෙම ප්‍රතිකාරය අද කාලයේ වෙළෙඳ අරමුණින් පැතිරුණත් දුරාතීතයේ සිට සමේ දැවිල්ල නැති කිරීමට ගොළුබෙල්ලන් යොදාගත් බවට සාධක තිබේ.
මෙම ගොළුබෙල්ලන්ගේ ස්‍රාවයන් මුහුණේ සියුම් සම මත තෙරපෙන විට අමුතු සිසිලසක්ද දැනෙන අතර අලුත් අත්දැකීමකට බඳුන් විය හැකිය.
මුහුණේ ආලේපනය සඳහා ගොළුබෙලි ජෙල් වර්ගද අද වෙළෙඳ පොලේ අලවියට තබා ඇත. කෙසේ වෙතත් මෙම ප්‍රතිකාර විද්‍යාත්මකව පැහැදිලි කර නැත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කොරියාවේ ඉපදුණ අයට උපන්දින නැති වීම හා වයස වැඩිවීම සිදුවන්නේ කෙසේද?

ජපානයේදීම පමණක් ඔබට හමුවන අමුතු තැන්