,

සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

යෝද පිඹුරන් සමග දවස ගෙවන අවුරුදු දෙකේ දරුවා

වයස අවුරුදු 2 ක් වූ මේ කුඩා දරුවා ජෙන්සන් හැරිසන් තම දකුණතින් අල්ලා සිටින මේ පිඹුරාගේ දිග මීටර් තුනයි දශම අටකි. ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්තයේ වෙසෙන සර්පයින් හා විෂඝෝර සතුන් සමග නොබියව හැසිරෙන දෙහැවිරිදි ජෙන්සන් හැරිසන් පිළිබඳ පුවත කුරියර් මේල් පුවත්පතේ කවරයේ කතාවක් ලෙස පළවී තිබේ.
ගහේ කටු උල්කළ මනාදැයි ප්‍රකට කියමන සිහිපත් කරමින් ජෙන්සන් අඩි පාරේ ගොස් ඇත්තේ සිය පියාගේය. ඔහු වෘත්තිය සර්පයින් අල්ලන්නෙකි. කෙනෙකුට අවශ්‍යතාවයකදී අන්තර්ජාලයෙන් අමතා ඔහුව ගෙන්වා ගන්නටද හැකිය.
මෙවැනි සේවා සපයන්නෙකු ඕස්ට්‍රේලියාවේ මිනිත්තුවකින් පමණ පහසුවෙන් සර්පයින් අල්ලාගෙන යන්නට සමතුන්ය. වරක් අප හිතවතෙකුගේ නිවසේ සර්පයෙකු අල්ලන්නට පැමිණි අයෙකු එම කටයුත්ත වෙනුවෙන් ඩොලර් දෙසීයක් අය කළේය.
රස්සාවට සර්පයින් අල්ලන ජෙන්සන්ගේ පියා විනෝදයට කරන්නේ නිවසේ සර්පයින් ඇති කිරීමයි. ටෝනි නම් ඔහු ගෝල්ඩ් කොස්ටා නගරයේ සිය වෘත්තිය කරගෙන යයි. ජීවිතය පුරාම ඔහු කළේ එම රැකියාව බව ජෙන්සන්ගේ මව බෘෘක් ස්මිත් පවසා තිබේ. ඇය මෙසේ පවසයි.
‘මේ දරුවා සර්පයින් සමග සෙල්ලම් කිරීමට හුරුවීම භයානකයි තමයි. ඒත් මේ දරුවා අපේ ආරට හැදීම පුදුමයක් නෙමෙයි. අපේ ගෙදර සර්පයින් සියයක් තරම් අපි ඇති කරනවා. අපේ ජීවිතයම ගෙවන්නේ සර්පයින් සමගයි. ඒ නිසා පුතා දණගාන කාලෙදිම සර්පයින් සමග හැසිරෙන්න පටන්ගත්තා.
ජෙන්සන් මේ සර්පයින් සමග හැසිරෙන ආකාරය පුදුම වෙන්න දෙයක් නෑ. ඔහු දවස පුරා දැක්කෙ අපි සර්පයින් එක්ක සන්දර්ශන පවත්වන හැටි, ආහාර දෙන හැටි එහෙමත් නැත්තනම් පවිත්‍ර කරපු හැටියි. මේ පොඩි පුතාට අපට තරම්ම සර්පයින් පාලනයට හුරුවීම විශ්මිතයි.
කොහොම වුණත් ජෙන්සන්ට මේ සතුන් සමග හුදෙකලා වෙන්න අපි ඉඩ දෙන්නෙ නැහැ.එහි ඇති අවදානම අපට වැටහෙනවා. ඒ නිසා අපේ පූර්ණ අවධානය ඇතිවයි ජෙන්සන් සර්පයින් හසුරුවන්නේ.
මේ කිරිසප්පයාගේ සර්ප කටයුතු ගැන ජනමාධ්‍ය වාර්තා කිරීම හේතුවෙන් ඔහුට ලොකු ප්‍රචාරයක් ලැබී තිබේ. ඔහු ගැන වීඩියෝකළ දේවල්ද අන්තර්ජාලයේ ප්‍රචලිතයි. වයස අවුරුද්දක් වත් වෙන්න පෙර සිට ඔහු මේ වැඩ පටන් ගත් බව දෙමාපියන් පවසා තිබේ.


දරුවාගේ හැකියාවන් ගැන ටෝනි මෙසේ කියයි.
‘ඔහු විෂ සර්පයින් හා විෂ රහිත සර්පයින් හඳුනාගැන්මටද සමත්. අල්ලන්න ගිහාම පුරුදු කාරයෙක් වගේ විෂ දළ පැත්තකට කරල අල්ලනවා. ඒක බලා ඉන්න අය පුදුමවී අත්පොළසන් දෙනවා.
විෂ නැති සර්පයින් ගෙල වටා දමාගෙන සුරතල් කරන්නත් ඔහු කැමතියි. ඔහුගේ වීඩියෝ සහ ඡායාරූප අපි මුහුණු පොතට දැම්මම බොහෝ දෙනා අගය කර තිබෙනවා. ඇතැමුන් දෙමාපියන් විවේචනය කර දරුවා අවදානමේ හෙළා ඇති බවට චෝදනා කරනවා. මං ඒ අදහස් වලට ගරු කරනවා. මං දන්නවා ජෙන්සන්ට අඩි 5 ක පිඹුරෙක් මෙල්ල කරන්න හැකි බව සහ එහි අවදානමක් ඇති බවත් මං දන්නවා..ජෙන්සන්ගෙ ලේ උරාබොන්න හැකියාවක් තියෙන්න පුළුවන් කියලත් මං දන්නවා.‘

ආචාර්ය නිමල් සේදර


What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ලෝකයේ දිගම පූසා ‘ඔමාර්‘

අපට අමතක වෙන්නේ ඇයි – මතක වර්ග 5 ක් ඇති බව අසා තිබේද?