,

සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

කොරියාවේ ඉපදුණ අයට උපන්දින නැති වීම හා වයස වැඩිවීම සිදුවන්නේ කෙසේද?

ලෝකයේ වෙනත් කිසිම රටක භාවිතා නොවන වයස ගණනය කිරීමේ ක්‍රමයක් දකුණු කොරියාවට ඇති බව ඔබ දන්නවාද? කොරියානුවන්ට උපන් දින නැත. හැම අවුරුද්දකම ජනවාරි 1 වනදාට කොරියානුවන් සැමට ආයු වයස අවුරුද්දක් එකතු වේ. එසේම කොරියානුවන් දරුවෙකු පිළිසිඳගැනීමේ සිට බිහිවීම දක්වා කාලයද දරුවාගේ ආයු වයසට එකතු කරයි. සාමාන්‍යයෙන් ගැබ තුළ දරුවා සිටිනුයේ මාස 9ත් 10 ත් අතර කාලයක් වුවත් කොරියානුවන් පහසුව පිණිස එය අවුරුද්දක් ලෙස ගණනය කරන්නට පුරුදුව ඇත.

ඒ අනුව දරුවෙකු ඉපදෙන විටම අවුරුද්දක් වයස කෙනෙකු ලෙස ගණන් බලනු ඇත. දරුවා ඉපදෙන්නේ කවර මාසයක වුවද ඔහු හෝ ඇය ඉපදුණ පසු මුලින්ම පසුකර යන ජනවාරි 1 වනදා තවත් අවුරුද්දක් එකතු වෙයි.ඒ අනුව මෙම ගණනය කිරීම අනුව කොරියන් දරුවෙකු කිසියම් වසරක දෙසැම්බර් 31 වනදා උපත ලබා ඉන් දිනකට පසු ජනවාරි 1වනදා වනවිට අවුරුදු 2 උපන්දිනයට උරුමකම් කියයි. (වෙනත් රටකදී නම් එම දරුවාගේ වයස දින 2කි)
කොරියාවේ සියලු දෙනා ජනවාරි 1 වනදා සමරන්නේ අලුත් වසරක් ඇරඹුනා කියා පමණක් නොව තමන්ගේ වයසද අවුරුද්දකින් වැඩි වුණා යන අරුතිනි.
මේ හේතු නිසා ලෝකයේ අනෙක් රටවල එකම කාලයක ඉපදෙන අය හා සසැඳීමේදී කොරියාවේ අය අවුරුදු 1 කින් හෝ 2 කින් වැඩිමහල් වීමට ඉඩ තිබේ.
මෙම වයස් ගණනය කිරීමේ ක්‍රමය East Asian age reckoning යනුවෙන් හැඳින්වෙන අතර අග්නිදිග ආසියාවේ රටවල් ගණනාවක අතීතයේ සිට පැවති ක්‍රියාවලියකි. නූතන ලෝකය බටහිර අදහස් අනුව වයස ගණනය කිරීම උපන් දවස අනුව සම්මතයක් ලෙස පිළිගැනීමට ලක්වූ පසු නව ක්‍රමයට බොහෝ රටවල් අනුගත විය. ජපානය 1902 දක්වා භාවිත කරේද මෙම ක්‍රමයයි. චීනයේ වියට්නාමයේ ඇතැම් පළාත්වල නූතන ක්‍රමයට අමතරව මෙම ක්‍රමය සාම්ප්‍රදායික වයස ලෙස තවමත් ගණනය කරනු ලබයි. කෙසේ නමුත් මෙම වයස් ගණනය කිරීමේ ක්‍රමය වෙනස් නොකර පවත්වා යන්නේ දකුණු කොරියාවේ පමණි.
එම අපැහැදිලිතාව ගැන සකස් කළ වීඩියෝවක් පහතින්


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පිළිස්සී විරූපී වුණත් සදාතන ප්‍රේමයේ මිහිරෙන් ජීවිතය ලද ඕස්ට්‍රේලියානු මිස් අර්ත් තරගකාරිය

මසුන් ගොළුබෙල්ලන් මීමැස්සන් ආඳා පැටවුන් යොදා සිදු කරන රූපලාවන්‍ය ප්‍රතිකාර