,

සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

ජපානයේදීම පමණක් ඔබට හමුවන අමුතු තැන්

ලෝකයේ වඩාත් අමුතු දේවල් දකින්නට ලැබෙන සුන්දර ගමනාන්තයක් ලෙස, නම්දැරූ ජපානයේ මෙවැනි තැන් ඇති බව ඇතැම් විට ඔබ නොදැන සිටියා විය හැකිය.

1. Aokigahara මරාගෙන මැරෙන වනය
ජපානයේ හොන්ෂු දූපතේ පිහිටි ෆුජි කන්ද ජපානයේ උසම කන්ද වන අතර අඩි 12389 ක උසකින් යුක්තය.සක්‍රීය ගිනි කන්දක්, ලෙස සැලකෙන එම කන්ද මීට වසර 864 කට පෙර අවසන් වරට පුපුරා ගොස් ඇති අතර මේ නිසා අවට පෙදෙස ජනාවාසයෙන් තොරය. මහ ගණ කැලයක් වැවී ඇත.
ජපන් සමාජයේ වැඩිහිටි සාමාජිකයන් වර්තමාන පැවැත්මට අනුගත වන්නට බැරිවී කලකිරෙන බොහෝ අවස්ථාවල සිය දිවි නසා ගැනීමට යොදාගන්නා ස්ථානයක් නිසා Aokigahara මරාගෙන මැරෙන වනය යන නම ලබා ඇත.

2. ආදර හෝටල්
ජපන් රටේ වඩාත් ප්‍රකට සුඛෝපභෝගී ලොජ් (තාවකාලික නැවතුම්) විශේෂයක් තිබේ. ඒවා හඳුන්වන්නේ ආදර හෝටල් නමිනි. ටික වේලාවකට ජපන් තරුණ යුවළකට එහි ගත කර කායික ආදර සබඳතා පවත්වා යාම ජපන් සංස්කෘතියේ හැටියට වරදක් ලෙස නොසැලකේ. ජපානයේ ඔසාකා නගරය තුළ මෙම හෝටල් වඩාත් ජනප්‍රියය. රටපුරා 37000 ක් පමණ මේ වර්ගයේ හෝටල් විසිරී තීබේ. මෙය ඩොලර් බිලියන 50 ක කර්මාන්තයක් ලෙස ජපන් ආර්ථිකය තුළ ඉස්මතුවී ඇත.

3. කරල් හෝටල්
කැප්සියුල් හෝටල් නැතහොත් කරල් හෝටල් සම්ප්‍රදායද ජපානයේ ප්‍රචලිතය. සංචාරයේ යෙදෙන අයට විශාල වියදම් දරා කිසියම් තැනක නවාතැන් සෙවීම අවශ්‍ය නැති අතර කුඩා ඉඩක සියලු අවශ්‍ය දේ වෙන් කර ඇති කරලක් වැනි කාමර ඇති නිසා මේවා කරල් හෝටල් ලෙස නම් ලබා ඇත.
ජපානයට යන වැඩි දෙනා අති සුඛෝපභෝගී බටහිර පන්නයේ පහසුකම් සහිත හෝටල් සේවය බලාපොරොත්තු නොවන අතර කරල් හෝටලයක අඩුමිලට රැයක් ගත කරන්නට යොමුවේ. ජපානය මෙම ක්‍රමය ලොවට හඳුන්වාදුන් පුරෝගාමී රටද වෙයි.ලොව ප්‍රථම කරල් හෝටලය 1979 දී ඔසාකා නුවරදී ඉදි කරන ලදී.

4. වෙන්ඩින් මැෂින්
නූතන ජපානයේ කුඩා සිල්ලර කඩවල් අභාවයට යමින් විකුණුම් යන්ත්‍ර හෙවත් වෙන්ඩින් මැෂින් හැමතැනම කරළියට පැමිණ තිබේ. කාසි හෝ මුදල් දමන කොටසට අදාළ මිල ඇතුළු කළ පසු යන්ත්‍රයෙන් ස්වයංක්‍රීයව අවශ්‍ය දේ එළියට ලබාදෙයි.
උපත් පාලන කොපු, සුෂි මේස්, සහ ශක්ති ජනක පාන සිට කුඩ, මුහුණු ආවරණ, මෙන්ම ඔබ ඇතැම් වේලාවට බලාපොරොත්තු නොවූ හා අරුම පුදුම දේවල් පවා මුදල් දමා ලබාගැනීමට හැකි ලෙස ඒවා සකස් කර ඇත. බටහිර රටවල වත් මේ තරම් විවිධත්වයේ වෙන්ඩින් මැෂින් නැති බව කියැවේ.

5. Harajuku විලාසිතා වීදිය
ජපන් සංස්කෘතිය තුළ වීදි ආකාරයේ විලාසිතා කේන්ද්‍රස්ථානය Harajuku වේ. දෛනිකව ජපන් ජනතාව මෙම ස්ථානයට පාතබන්නේ සෑම තැනකම විසිරී සිටින ජපානයේ කීර්තිමත් නිර්මාණකරුවන් මෙහි රැස්වී ඉදිරිපත් කරන විලාසිතා ගවේෂණය කරන්නටය.

6. රොබෝ අවන්හල්
ජපානය රොබෝ යන්ත්‍ර හා ඒ ආශ්‍රිත නිර්මාණ වැඩිදියුණු කිරීමට වැඩිම උනන්දුව ඇති රටවල් වලින් එකකි.
සියලු අනාගත ක්‍රියාකාරකම් පසුපස රොබෝ යන්ත්‍ර සිටිනු ඇති බව ජපනුන් විශ්වාස කරන අතර ජපානයේ Kabukicho දිස්ත්‍රික්කයේ රොබෝ අවන්හල් ක්‍රමය මේ වනවිට ජනප්‍රිය වෙමින් පවතී.

7. බළල් දිවයින
Tashirojima නමැති ජපන් දිවයිනේ මිනිසුන් වාසය කරන්නේ 100 කි. බළලුන් දහසක් පමණ වෙසෙති. අතහැර දමන බළලුන්ගේ නවාතැනක් වූ මෙම දිවයිනේ වාසය කරන අය බළලුන්ට ආදරය කරන අයවීමද විශේෂිතය.
ලෝකයේ මේ ආකාරයේ එකම දිවයිනද මෙයයි.

8. හාවුන්ගේ දිවයින
Okunoshima නමැති ජපාන දිවයින දෙවන ලෝක යුද්ධ සමයේ රසායනික අවි නිෂ්පාදනය කළ අඩවියක් වූ අතර මිනිස් වාසය අවම විය. නමුත් හාවුන් එහි බෝ විය. දැන් මේ ස්ථානය හාවන් දහස් ගණනක් නිදහසේ සැරිසරන අතර උන් නරඹන්නට පිරිස් ඇදී එන සංචාරක ස්ථානයක් බවට පත්ව ඇත.

 


One Comment

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මසුන් ගොළුබෙල්ලන් මීමැස්සන් ආඳා පැටවුන් යොදා සිදු කරන රූපලාවන්‍ය ප්‍රතිකාර

රජ පවුලේ උවමනාවට ඩයනා මරා දැමූ බව කී පුද්ගලයාගේ කතාව බොරුවක්