,

සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

සැමියාගෙන් දරුවො නොලද නිසා මල්ලීගෙන් දරුවකු ලබාගත් බිරිය ගයන ‘මූදු පතුල යට ඉඳලා‘

පාසල් කාලයේ සිට බොහෝ අය රසවින්ද වේදිකා නාට්‍ය ගීතයක් තමා ‘මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා – පෙණ කැටියක පාකරලා-මගෙ දෝතට පුතු ආවා‘
මේ ගීතයේ සරල අර්ථය දරු නැළවිල්ලක් විදිහට පෙනුණත් ඒක අනියම් ඇසුරකින් ලබන මව් පදවියක් ගැන කියැවෙන සංකීර්ණ අර්ථයක් තියන ගීයක් බව දන්නෙ ටික දෙනයි. 1962දී ගුණසේන ගලප්පත්තිගේ ‘මූදු පුත්තු‘ නමැති වේදිකා නාට්‍යයේ තමා එම ගීය ගායනය වන්නේ.

මුහුදු රස්සාව කරන සැමියා සමග කසාද බැඳ කාලයක් යනතුරුත් දරුවන් නොලද නිසා බිරියක සමාජයෙන් ගැරහුම් ලබනවා. දරුවන් ලබන්නට බැරි වඳ කාන්තාවක්ය කියා සමාජය විසින් කොන් කළ ඇය එම අභියෝගය ජයගන්නට උපායක් කල්පණා කරනවා. සැමියා සහ ඥාතීන් දරුවා ලබන්නට විවිධ භාර හාර වෙන අතරේ සැමියාගේ මල්ලී සමග ඇය කතරගම ගොස් භාරයක් වෙන්නට සූදානම් වෙනවා. මුහුදු රස්සාවේ යායුතු නිසා සැමියාට එයට එක්වන්නට බැරිවෙනවා. වෙළෙන්දෙකුවූ සැමියාගේ මල්ලී සමග කතරගම ගිය ගමනේදී මෙම කාන්තාව ඔහු සමග අනියම් ඇසුරක් පවත්වනවා. කතරගම ගොස් ටික කලකින් ඇගේ සියලු දොම්නස් දුරුකර දරුවෙකු බිහිකරන්නට ඇය සමත් වනවා.

සමාජයෙන් ඇයට ලැබුණු ගැරහුම් නැතිවී ඇය ජයගන්නවා.
සැමියාගේ මල්ලීත් සැමියාට යම් යම් සමාන හැඩහුරුකම් ඇති නිසා දරුවාගේ ජානමය ලක්ෂණත් වැඩි වෙනසකට ලක්වන්නේ නැහැ.ඇත්තටම දරුවා සැමියාගේ මල්ලීට දාව ඉපදුණත් සැමියා සිතන්නේ ඒ දරුවා තමාගේ බවයි.
නමුත් මේ රහස මේ දෙදෙනා අතර පමණක් තිබෙන දෙයක්.
කතාවෙ හැටියට මේ දරුවාට තාත්තලා දෙන්නගේම සැලකුම් ලැබෙනවා.
මෙම අවුලට පැටලුණ කාන්තාව ගැන මූදු පුත්තු නාට්‍යයේ විස්තර වෙනවා.

මේ නාට්‍යයේ දරුවා ලද කාන්තාවට රඟපෑවෙ නාට්‍යයේ නිෂ්පාදිකාවද වුණ සෝමලතා සුබසිංහයි. සැමියා හා මල්ලීට රඟපෑවේ නිහාල් ප්‍රනාන්දු හා සිරිල් වික්‍රමගේයි.ගර්ෂියා ලෝකාගේ යෙර්මා නාට්‍යයේ අනුවර්තනයක් ලෙස ගුණසේන ගලප්පත්ති මෙම නාට්‍යය නිර්මාණය කළා.
මුහුදු පතුල යට ඉඳලා ගීතයේ අන්තිම කොටසේ දරුවාගේ පියවරුන් දෙදෙනාගේ සැලකිලි ගැන දැක්වෙන්නේ මේ විදිහටයි.
//වෙරළෙන් කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා
තවත් කෙනෙක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා//
//ඒ කවඩියි මේ පබළුයි එක නූලේ අමුනනවා
ඒවායින් හවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා//

සැමියාගේ දරුවෙකු නොවුණත් ඔහුගේ රුව දරුවාට ලැබීම ගැන ඇය පවසන්නේ මේ විදිහටයි.
සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා
සුදු පාටින් ටිකිරි හිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා//
මෙම කතාව සරල අර්ථයෙන් සැලකුවොත් කාන්තාව කරන්නේ හරි දෙයක් නෙමේ. ඇය නරක ගැහැණියක් වැනි අදහස් සමහරුන්ට මතුවන නමුත් නාට්‍යය මුළුමණින් නැරඹීමෙන් පසු ඇගේ ක්‍රියාව සාධාරණීකරණය කරන්නට අවශ්‍ය හේතු ගොඩක් අපට පෙන්වා දෙනවා.

මාස ගණන් පවුලෙන් දුරස්වී සිටින මුහුදු රස්සාව කරන සැමියෙකු ලද කාන්තාවක විඳින දුක් ගැහැට, ඇගේ ආශාවන් සඵල නොවීමේ සංකීර්ණ මනෝභාවයන් මෙන්ම සමාජ පීඩනය හමුවේ උපායශීලී ලෙස ඒවා ජයගැනීමට ඇය යොමුවීම මෙම කතාවෙන් කියා දෙනවා.
ඇය ඇගේ අභිමතාර්ථ ජයගත් ආකාරය ගීතයේ මුල් පදපේලි වලින් ප්‍රකාශ වෙනවා.
//මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා

ගීතයේ වීඩියෝවක් පහතින්


8 Comments

Leave a Reply
  1. මේ ගීතය ලිව්වේ මහගම සේකර විසින්. කතාවේ හැටියට මේ කාන්තාවගේ සැමියා අවසානයේදී දරැවා ගෙල මිරිකා මරා දමනවා. මම අහලා තියෙන විදියට මෙහි මංගල දර්ශනය තහනම් වුණා. මෙහි මුල් නිෂ්පාදනය ගුනසේන ගලප්පත්ති හා මහගම සේකර බවයි මා අසා ඇත්තේ. පසු කාලීනව සෝමලතා සුබසිංහ නිෂ්පාදනය කරන්නට යෙදුනා.

  2. Thanks for posting this very informative article. I did not know this and I am sure majority of us too were ignorant of this aspect – I mean the subtle meaning aired by the carefully composed lines of the song.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කෙනෙකුට දවසකට කොපමණ වේලාවක් නින්ද අවශ්‍යද?

නිරුවත් කාන්තා රුවට සමාන නාරිලතා මල් ගැන සැඟවුණ කතාව