,

සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

නිරුවත් කාන්තා රුවට සමාන නාරිලතා මල් ගැන සැඟවුණ කතාව

නාරිලතා නැතිනම් ලියතඹරා නමින් නිරුවත් කාන්තාවකගේ දේශ ලක්ෂණ විදහා දක්වන මල් විශේෂයක් ගැන නිතර අපට අහන්න ලැබී තිබෙනවා. කාලයක් නාරිලතා නමින් තහනමට ලක්වූ වැඩිහිටි පුවත්පතක්ද ලංකාවේ අලෙවි වුණා. ලියතඹරා මල ගැන තාමත් සිංදු අපට ඇහෙනවා.
ඒත් මේ කියන මල හරියටම දන්න අය විරලයි.මෙය ඉන්දියාවේ හිමාල අඩවියේ පිපෙන විරල ගණයේ මල් ජාතියක් කියලයි සමහරු කියන්නේ. මේ අතර පසුගිය වසර කිහිපය තුළ නාරිලතා මල් යයි හඳන්වපු නිරුවත් කාන්තාවකගේ අඟපසඟට බෙහෙවින් සමාන මල් ඇති ගසක ඡායාරූප 3 ක් අන්තර්ජාලයේ පැතිර තිබුණා.
කිසිවෙකු විසින් නාරිලතා පුෂ්පය මෙන්න කියා නම් කරන ලදුව පැතිර ගිය ඒ මල් ඇත්තටම නාරිලතා මල් වෙන්න ඇතිය කියා බොහෝ අය ඒ දවස්වල පිළිගත්තා.මේ ඡායාරූප කෙතරම් සිත් කළඹන සුළු ප්‍රබන්ධ වලට ලක්වුණාද කියතොත් ඒ හා සම්බන්ධ එකිනෙකට පරස්පර ප්‍රබන්ධ කතා ඇත්ත වෙන්න ඇති කියලත් සමහරු විශ්වාස කළා.
වසර 20 කට වරක් පිපෙන මෙම පුෂ්පය හැමතැනම දැකගන්නට නැති බව එක් කතාවකිින් කියැවුණා. මේවා වැවෙන්නෙ හිමාලයේ තායිලන්තයේ හෝ ලංකාවේ බවට අන්තර්ජාල විස්තර තිබුණා.
නමුත් ඒ මල් වල ඡායාරූප 3 ක් පමණක් තිබීම සැකයට හේතුවුණා.
කොහිදී ලබාගත්තේද කවරෙකුට කවර තැනකදී මේ මල් දැකගන්නට ලැබේද වැනි විස්තරයක් ඇත්තටම සොයාගන්න අපහසු වුණා. උද්භිද විද්‍යාවට සම්බන්ධ කිසිදු ලේඛනයක මේ ඡායාරූප තහවුරු කරන්න බැරිව ගියා.
මේ නිසා මේ මල් ඡායාරූප කිසිවෙකු විසින් බෝනික්කන් ගසක එල්ලා නිර්මාණය කර ලබාගත් ඡායාරූප විය හැකි බවට හෝ ෆොටෝ ෂොප් වැනි මෘදුකාංගයකින් මවන ලද ව්‍යාජයක් බවට තොරතුරු පළවුණා.
නමුත් ලංකාවේ සංන්දේශ කාව්‍ය වල පවා කියැවෙන නාරිලතා පුෂ්පය නැති නම් ලියතඹරා මල කුමක්ද යන සැකය අපට ඉන් පසු පහළ වෙනවා.
කාන්තා නිරුවත් රුවට සමාන එවැනි මල් විශේෂයක් නොතිබුුනේ නම් මෙතරම් නිර්මාණ බිහිවන්නේ කෙසේදැයිද අපට සැකයක් මතුවෙනවා.
එම සැකය දුරු කරමින් ලංකාවේ වැවෙන එක්තරා ඕකිිඩ් විශේෂයක් මේ කියන නාරිලතා මල විය යුතු බවට පසුගිය කාලයේ පැහැදිලි කර තිබෙනවා.
මෙම මල orchidaceae පවුලට අයත් habenaria crinifera යන නමින් හැඳින්වෙනවාා.
සුදු පැහැති ලෙස පිපෙන මෙම මලෙහි විශේෂත්වය නම් මෙය නිරුවත් ගැහැණු ළමයෙකුගේ රුවට බොහෝ දුරට සමාන ලෙස පිපී තිබීමයි. habenaria විශේෂ 10ක් පමණ ලංකාවේ හමුවන බවත් ඉන් 4ක් ලංකාවට ආවේනික බවත් කියැවෙනවා.
ලංකාවේ වැවෙන මල් විශේෂයක් ලෙස හඳුන්වාදෙමින් රජය මගින් මෙහි රුව සහිත මුද්දර පවා නිකුත් කර ඇත.
ලංකාවේ පහතරට තෙත්බිම් වලත් ඉන්දියාවේ හා තායිලන්තයේත් මෙම මල් පිපේ.
ඉන්දීය ආයුර්වේද පැලෑටියක් ලෙස ගැණෙන මෙම නාරිලතා පැලෑටිය එරටදී හිසරදය සමනය කිරීමේ ඔසුවක් ලෙස භාවිත කරන බවද පැවසෙනවා.
ව්‍යාජ නාරිලතා මල හා ඇත්ත නාරිලතා මල අතර වෙනස ගැන කතාව එයයි.

 

ව්‍යාජ ඡායාරූප


සත්‍ය ඡායාරූප


4 Comments

Leave a Reply
  1. mey narilatha mala dakkamanam thaps bindenne naha. wikarayak wage….meka newe sahithaye ena nioyama narilatha malak wenama athi..

  2. Mala wikaara .. Plastic bonikko gahaka ellala minissu rawatanna hadanawa. Lajjayi…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සැමියාගෙන් දරුවො නොලද නිසා මල්ලීගෙන් දරුවකු ලබාගත් බිරිය ගයන ‘මූදු පතුල යට ඉඳලා‘

යු ටියුබ් දිග්විජය කර මිලියන ගණන් උපයන අවුරුදු 6 සිඟිත්තා රයන්