,

සුපිරියි වැදගත්

රින්ග් ටෝන් තහනම් – ජාතික ගීයේ ගෞරවය වෙනුවෙන් චීනයෙන් අලුත් නීති

වර්තමානයේ තමතමන්ගේ ජාතික ගීත ගායනය සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තියක් බොහෝ රටවලට නැත.
නූතන තොරතුරු තාක්ෂණ යුගයේ ජාතික ගීතයද විවිධ ලෙස අවභාවිත වනු දක්නට ලැබේ. මෙම විපර්යාසයන් ගැන කල්පනා කර තිබෙන චීන රජය 2017 ජුනි මස සිය ජාතික ගීතය ගායනා කිරීම සම්බන්ධයෙන් මහජනතාව වෙත දැඩි

ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දී තිබේ.
ලෝකයේ බොහෝ රටවල්වලට සලකා බැලීමට වැදගත් වියහැකි එම නීති මෙසේය.
1) ජාතික ගීය රටේ පිළිගත් ක්‍රීඩා උත්සව වල හැර වෙනත් සාමාන්‍ය ක්‍රීඩා උත්සව වල ගයන්නට බැරිය.
2) මගුල් ගෙවල්, අවමංගල උත්සව, නැටුම් සාද, පුද්ගලික සැමරුම් වලටද ජාතික ගීය තහනම්ය.
3) වැදගත් ලෙස ඇඳුම් හැඳපැළඳ නැති කිසිදු අවශේෂ උත්සවයකදී ජාතික ගීය ගයන්නට බැරිය.
4) රින්ග් ටෝන් ලෙස හෝ MP3 ලෙස ජාතික ගීතය ජංගම දුරකථනවලට යොමුකරවා වාදනය තහනම්ය.
5) ගීත කොටස් වලට ජාතික ගීතයේ පද හෝ සංගීත ඛන්ඩ මුසුකිරීම තහනම්ය.
ඉහත නීති උල්ලංඝනය කිරීම දඩුවම් ලබන්නට හැකි වරදක් ලෙස සලකා ඇත.

මේ ආකාරයට ජාතික ගීය වෙනුවෙන් නීති පනවා ඇති එකම රට චීනය නොවන බව චීනයේ ෂිංහුවා පුවත් වාර්තාවකින් පැහැදිලි කර තිබේ.

මින් ඉහත රුසියාව,කැනඩාව හා මැලේසියාව ඔවුන්ගේ ජාතික ගීත ගායනා කිරීම ගැන නීති පනවා ඇත. එසේම ජපානය සිංගප්පූරුව, මියන්මාරය හා පිලිපීනය ජාතික කොඩිය සම්බන්ධයෙන්ද දැඩි නීති පනවා ඇති රටවල්ය.
“March of the Volunteers” නමින් හඳුන්වන චීන ජාතික ගීතය 1934 රචනා කරන ලද්දකි.

එම ගීතය ඇති වීඩියෝවක් පහතින්


One Comment

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Facebook හි ‘ඩිස්ලයික්‘ බොත්තමක් දැමීමට සකර්බර්ක් තීරණය නොකරන හේතුව