, ,

සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

අපට අමතක වෙන්නේ ඇයි – මතක වර්ග 5 ක් ඇති බව අසා තිබේද?

”ඉස්සර වාගේ නෙමේ, දැන් හුඟක් දේ මතක නෑ.” ”ඊයේ පෙරේදා සිද්ධ වෙච්ච දේවල්වලට වඩා මට මතක තිබෙන්නේ බාල කාලේ දේවල්.” ”මට මතක නැහැ යතුරු කැරැල්ල කොහේ තිබ්බ ද කියල – පස්සෙ බැලින්නම් ඒක තිබුණේ දොරේමයි.” ”මේ දැන් කියපු දේ- මේ දැන් මතක නෑ.” මතකය, පිළිබඳ කතා කොතෙකුත් ඇසේ. සමහරුන්ගේ මතකය ප‍්‍රබලය. තවත් සමහරුන්ගේ මතකය දුබලය. අපට අමතක වන්නේ ඇයි? එය රෝගයක් ද? ‘නැත’ යන්න අපට ලැබෙන පළමු පර්යේෂණ පිළිතුරය. මේ තොරතුරු සම්පාදනය අපට ලැබෙන්නේ ‘Latest research in to memory’ (ස්මරණය පිළිබඳ නවතම පර්යේෂණ) මගිනි.
පළමුකොට මැසචුසෙට් විශ්ව විද්‍යාලයේ මනෝවෛද්‍ය පිරිසක් කියා සිටින්නේ ”අමතක වීම (forgetfulness) යන්න ගැන බිය නොවිය යුතු බවයි. එය වයස් ගතවීම හා සමග බොහෝ විට බැඳී පවතින බවයි. එය කෙසේද සිදුවන්නේ? මේ පැනයට පිළිතුරු සපයන්නේ ස්නායු විද්‍යාඥයින් (Neuro Scientists). ඔවුන් පවසන්නේ මෙය සෛල වෙනස්වීම අනුව සිදුවන බවය. සෛල වෙනස්වීම යනු සිරුරේ සිදු වන ස්වභාවික ඵලයකි. වයස්ගතවීමත්
සමග මතකය රඳවාගත හැකි ස්නායු පද්ධතිය කෙමෙන් පළමුව තිබුණාට වඩා වෙනස්වීම කෙතරම් ඔසු වර්ග භාවිතයට ගත්තත් පළමු තිබූ තත්ත්වයට නංවාගත නොහැකිය. එහෙත් මේ තත්වය කෙමෙන් උද්ගත වන්නේ වයස අවුරුදු 65- 80 ත් අතර කාලයේදීය.ඊට කලින් එසේ සිදුවන්නේ නම්, එසේ වන්නේ යම් යම් කායික හා මානසික රෝගාබාධ නිසාවෙනි. මෙය age assistant memory impairment හෙවත් ‘වයස හා බද්ධ වූ මනෝ ආබාධ’ ලෙස සැලකේ. මොළය සැදි ඇත්තේ බිලියන ගණනක් වූ නියුරෝන (Neuron) නමින් හැඳින්වෙන සෛල විශේෂයකිනි. ඒවා එකිනෙකින් සංඥා විහිදුවනු ලැබේ. එහෙත් කෙමෙන් ඒ සංඥා විදාරණයදුබල වීම යනු, නොදැනි සිදුවන්නකි. අතිශය සියුම් ‘නියුරෝන්’ පද්ධතිය පිළිබඳ මෙතෙක් සොයා නොගත් කරුණු සමුදායකි. ඉන් ප‍්‍රබලතම කරුණ වන්නේ ‘නියුරෝන් සංඥා’ ක‍්‍රියාත්මක වීමේ පොදු බවක් නොපෙනීමය.

නියුරෝන් සංඥා හේතුකොටගෙන කෙනකුගේ ජීවිතයේ සිදුවූ දේ මැනවින් ‘මතක’ තබා ගැනීමටත් ‘අමතක කර’
දැමීමටත් හැකිය. මැසචුසෙට්ස් මනෝ වෛද්‍ය රෝහලේ විද්‍යාඥවරියක වන මැරිලින් ඇල්බට් පවසන පරිදි ‘මතක’ හා ‘අමතක’වලට සම්බන්ධ නියුරෝන් සංඥා ප‍්‍රභේද පහකට බෙදා දැක්විය හැකිය. ඉන් පළමුවැන්න ඇය සඳහන් කරන්නෙ semantic memory හෙවත් අර්ථ විමර්ශන ස්මරණය යනුවෙනි. සමහරුන්ගේ මේ පද්ධතිය අනුව දුටුදේ හා ඇසූ දේ හා සම්බන්ධ සංඥා හා සංකේත ප‍්‍රබලය. දෙවැන්න ලෙස ඇය සඳහන් කරන්නේ හෙවත් Implicit memory ගම්‍ය ස්මරණයයි. ඉන් සිදුවන්නේ යමක් සිදුවීමට පෙර මතක්වීමයි. ඔබට කිඹුහුමක් යන්නට ඇති බව දැනුණ විටම සාක්කුවෙන් ලේන්සුවක් අතට ගැනේ. එය යමක් ‘යටින්’ මතක් කිරීමක් වශයෙන් සැලකේ.
තුන්වැන්න නම් Remote memory හෙවත් දුරස්ථ ස්මරණයය. මේ මතකය කෙනකුට එන්නේ කලින් ලද කිසියම් උගැන්මක ප‍්‍රතිඵලයක් වශයෙනි.

රූපවාහිනී ප‍්‍රශ්නෝත්තර තරගවලට පෙනී සිටින අයගෙන් අසනු ලබන ප‍්‍රශ්නවලට පිළිතුරු සැපයෙන්නේ මේ ස්මරණ සංඥාවන්ට අනුකූලවය. මෙය ‘අතීතාවලෝකනයක්’ ලෙසින් ද සැලකිය හැකි. මේ ස්මරණයට අනුව ඇතමුන්ට ඈත අතීතයේ ඇසූ දුටුදේ සිහිපත් කර ගත හැකිය.

සිව්වැන්න නම්, Working memory යන්නය. මේ ස්මරණය යම් යම් කටයුතුවල නියැලී සිටින විට වැඩ පිළිවෙළ හෝ ‘නියැලෙන පිළිවෙළ’ මතක්වීම මත රැඳී පවති. සමහරුන්ට කතාබහ කරන විටදි තමන් මුලින් කි වැකිය දෙවනුව කී වැකිය හා සම්බන්ධ කරගැනීමේ අපහසුවක් දැනේ. මේ ‘අපහසුව’ හා ‘පහසුව’ වටහාගත හැක්කේ කෙනෙකුගේ කාර්යය ස්මරණයට අනුකූලවය.

අමතකවීමෙන් නොගැළපෙන කටයුතුකරන්නේ ද මේ ප‍්‍රභේදයට අනුවය. එහෙත් එය බියවැදිය යුතු කාරණයක්
නොවේ. නියුරෝන් සංඥා පද්ධතියේ වෙනස්වීම්වලට අනුකූලය. පස්වැනි ප‍්‍රභේදය ලෙස සැලකෙන්නේ Episidic memory හෙවත් ‘ජවනිකානුකූල ස්මරණය’. යමෙකු නියැලි සිටින කාර්යය හා සම්බන්ධ නියමාවලිය හෙවත් ක‍්‍රියා පිළිවෙළ එකිනෙකට පුරුක් වී ඇති අයුරු සිහිපත් කර ගැනීමට හැකියාව තිබීම හා ඉන් ගිලිහීම මේ ප‍්‍රභේදයයි. කෙනෙකු වැඩිමහල් වන විට තම ජීවන ජවනිකා, තමන් හා දැනට ජීවත් වන වයසින් බාල පරපුර හා සසඳන විට පවතින වෙනස මතක් කර ගැනීමට සමහරු උත්සුක වෙති. මෙමගින් තමන් හා තම බාල පරපුර අතර පරතරයක් ඇති බව වටහා ගැනීමට ජීවන ජවනිකා මතක් කර ගැනීමට සිදුවේ. ඒ ‘මතකය’
නිතැතින්ම එන්නේ ජවනිකා වශයෙනි. නොඑසේ නම් ජවනිකා පමණක් ඇති බැවිනි.

-වරරුචි (ධ්‍යාන සඟරාවේ ලිපියක් ඇසුරිනි)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

යෝද පිඹුරන් සමග දවස ගෙවන අවුරුදු දෙකේ දරුවා

අයිසීසී චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් තැනූ ගූගල් ගේම් එකට ඉහළ ප්‍රතිචාර