, ,

සුපිරියි වැදගත් අවුල් වගේ

ජයවර්ධනපුර රෝහලේ ශල්‍යාගාරයේ පමණක් ඇති සැත්කම් කරන රොබෝ අත

Robotic arm an asset in urology at J’pura Hospital

රොබෝ තාක්ෂණය අති සියුම් සැත්කම් සඳහා උපයෝගී කරගැනීම ලෝකයේ මේ වනවිට ඇත්තේ පර්යේෂණ මට්ටමේ නොව ක්‍රියාත්මක මට්ටමේය.
නමුත් ලංකාවේ සැත්කම් සඳහා එවැනි ක්‍රම විරලය. භාවිත කරන එකම රොබෝ අත ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ ශල්‍යාගාරයේ පාවිච්චි කරන බව පැවසේ. එය යොදාගන්නා ආකාරය මෞත්‍රික රෝග චිකිත්සක වෛද්‍ය නිරෝෂන් සෙනෙවිරත්න පසුගියදා ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතට හෙළි කර තිබුණි.
මෙම රොබෝ අත ශරීරයේ අභ්‍යන්තරය පරීක්ෂා කරන හා පිළිසකර කරන ලැප්‍රොස්කොපි පරීක්ෂණ සැත්කම් සඳහා මීට වසර 3 ක් පමණ කාලයක් තිස්සේ භාවිතයට ගෙන තිබේ.
නූතන තාක්ෂණය භාවිතයෙන් දුරස්ථ පාලකයකින් දෙන විධානය ඔස්සේ මෙම

රොබෝ අතින් සියුම් වැඩ ගතහැකි බව පැවසේ.
මෙම රොබෝ අත සමග එන අංගෝපාංග මගින් මෞත්‍රික ලැප්‍රොස්කොපි පරීක්ෂණ සැත්කම් සිදු කරද්දී ත්‍රිමාන එච්ඩී රූප ලබාදෙන බවත් ඒ මගින් අති සියුම් ලෙස සැත්කම් සාර්ථක කරගැනීමේ හැකියාව පවතින බවත් වෛද්‍ය සෙනෙවිරත්න පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් සියලුම සැත්කම් සඳහා මෙම රොබෝ අත අවශ්‍ය නොවන බවත් ඇතැම් සංකීර්ණ තත්වයන්හිදී ප්‍රයෝජනයට ගන්නා බවත් ඔහු පෙන්වා දෙයි.
වෛද්‍යවරුන්ගේ විධාන මත මුළුමණින්ම රොබෝ අත්මගින් සිදු කෙරෙන අතිසියුම් සැත්කම් ක්‍රම ලෝකයේ දියුණු රෝහල් වල අද කාලයේ පවතී. ‘ඩා වින්චි සිස්ටම්‘ නමින් ප්‍රකට එවන් සංකීර්ණ පද්ධති ලංකාවේ තවම භාවිතයේ නැත.
පහත පළවන්නේ විදේශ රෝහලක මේ ආකාරයේ ‘ඩා වින්චි සිස්ටම්‘ එකක් උදව් කරගෙන ලැප්‍රොස්කොපි පරීක්ෂණ සැත්කමක් කරන ආකාරයයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

හොලිවුඩ් නිළි කැරී මියගොස් දිනකින් මවත් මියගියා – කැරීගේ මරණයට හේතුව කොකේන් බව දැන් හෙළිවෙලා

මියගිය පසුත් මිලියන ගණන් හරිහම්බ කරන ජැක්සන්,ප්‍රෙස්ලි,බොබ් මාලේ, අයින්ස්ටයින්,ටේලර්