,

සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

කෙනෙකුට දවසකට කොපමණ වේලාවක් නින්ද අවශ්‍යද?

නින්ද සම්බන්ධයෙන් වරින්වර විවිධ වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම් සිදුකර තිබෙන අතර කෙනෙකුට දවසකට කොපමණ වේලාවක නින්දක් අවශ්‍යදැයි යන්න එම පැහැදිලි කිරීම් වල විවිධ වේලාවන් නියම කරනු දක්නට ලැබේ. ඇතැම් තැනක දවසට පැය 8 ක නින්දක් ගැන කියැවුණත් තවත් තැනක පැය 7 ක නින්දක් සෞඛ්‍ය සම්පන්න බව පවසා තිබේ.
නිදාගැනීම සෑම කෙනෙකුටම අවශ්‍ය දෙයක් යන්න විවාදයක් නැත. නමුත් එම කාල සීමාවන් තවදුරටත් විවාද සම්පන්න බව ඒ අනුව හෙළිවේ. BBC Knowledge සඟරාවේ ලිපියකින් කියැවෙන පරිදි නින්ද පිළිබඳ ජාතික පදනම (National Sleep Foundation) 2015 නිකුත් කළ නිර්දේශ මාලාව මේ සම්බන්ධයෙන් වඩාත් පිළිගත හැකි පර්යේෂණය බවයි.
මිනිසුන්ගේ විවිධ වයස් කාණ්ඩ විවිධ තත්ව යටතේ පර්යේෂණයට ලක්කර නින්ද අවශ්‍ය වන පැයගණන් ගැන එහි නිර්දේශයන් නියම කර තිබේ.
එයට අනුව උපන් හැටියේ දරුවෙකුට පැය 14-17 ක නින්දක්ද ගැටවර වියේ අයට පැය8-10 ක නින්දක්ද වැඩිහිටියන්ට පැය 7-9 ක නින්දක්ද අවශ්‍ය බව පැහැදිලි කර තිබේ.
විද්‍යාත්මකව සැලකීමේදී අඩු නින්ද මෙන්ම වැඩි නින්දද සෞඛ්‍යයට හිතකර නැත.
මේ නිසා පහත වගුව අධ්‍යයනය කර නින්දට අදාළ කාලය ගැන වැටහීමක් ලබාගැනීම කාහට වුවත් වැදගත්ය.


3 Comments

Leave a Reply
  1. akata ape janadipathithumai, agamathithumai 2017 th una thama nidi ….rate prashna gena kawada ehek erala balaida danne nene

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මියගිය පසුත් මිලියන ගණන් හරිහම්බ කරන ජැක්සන්,ප්‍රෙස්ලි,බොබ් මාලේ, අයින්ස්ටයින්,ටේලර්

සැමියාගෙන් දරුවො නොලද නිසා මල්ලීගෙන් දරුවකු ලබාගත් බිරිය ගයන ‘මූදු පතුල යට ඉඳලා‘