, ,

සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

මියගිය පසුත් මිලියන ගණන් හරිහම්බ කරන ජැක්සන්,ප්‍රෙස්ලි,බොබ් මාලේ, අයින්ස්ටයින්,ටේලර්

ජීවත්වන කාලයේ හම්බ කර මියයන විට තම දූදරුවන්ගේ පැවැත්ම වෙනුවෙන් යමක් ඉතිරි කරන්නට සමත්වන්නේ නම් එවන් කෙනෙකු යුතුකම් ඉටුකළ අයෙකු ලෙස අප සමාජයේ පිළිගැනීමක් ඇත.
නමුත් මියගොසින් වසර ගණනාවක් ගතවීත් මියගිය අයගේ නමට මිලියන ගණන් චෙක්පත් මුදල් ලැබෙන වාතාවරණයක් ඇති කරගන්නට කෙනෙකු සමත්වන්නේ කලාතුරකිනි. ඒ හැකියාව ලබන්නේ කවදත් පවතින නිර්මාණ ලොවට දායාද කළ අයට පමණි.
ලෝක ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන ෆෝබ්ස් 2016 වසර සඳහා සකස් කළ මියගිය ප්‍රකට පුද්ගලයින්ගේ ආදායම් ලැයිස්තුව මේ අපූරු කාරණාව පසක් කර දෙයි.
මෙම ලැයිස්තුවේ අංක එකේ සිටින්නේ නැසීගිය පොප් ගායක මයිකල් ජැක්සන්ය. ඔහුට 2016 වසරේ ලැබුණ ආදායම ඩොලර් මිලියන 825 කි. සෝනි මියුසික් හා ඒටීවී සමාගම් ජැක්සන් සමග පැවති කොන්ත්‍රාත්තු අනුව පසුගිය වසරේ මියුසික් ඇල්බම විකුණා එම ආදායම් පංගුව ජැක්සන් වෙත එවා ඇත.
දෙවැනි තැනට පත්වන චාල්ස් ෂුල්ස් යනු ඇමරිකාවේ ප්‍රකට කාටූන් ශිල්පියෙකි. ඔහුගේ ‘පීනට්ස්’ ඇතුළු ප්‍රකට කාටූන තවමත් පුවත්පත්වල නැවත නැවත පළවේ. ඔහු ලද ආදායම ඩොලර් මිලියන 48 කි.
තුන්වැනි තැන ඇමරිකානු ගොල්ෆ් ශූර ආනෝල්ඩ් පාමර්ය.ඔහු 2016 මියගිය අතර ඔහු සතු ඉඩකඩම් හා වස්තු වලින් විශාල ආදායමක් උපයන්නට හැකිව ඇත. ඔහු 2016 වාර්තාගත ලෙස ඩොලර් මිලියන 40 ක් උපයා ඇත.
ලැයිස්තුවේ 4 වෙනියා පුරෝගාමී පොප් ගායක එල්විස් ප්‍රෙස්ලිය. ඔහු මිලියන 27 ක් උපයා ඇත.පස්වෙනියා වූ ගායක ප්‍රින්ස් මිලියන 25ක්ද හයවැනියා වූ ගායක බොබ් මාර්ලේ මිලියන 21 ක්ද උපයා ඇත. මේ සියලු අය ඔවුනගේ පැරණි සංගීත නිර්මාණ නිසා ආදයම් ලදුවන්ය.
 

7 වැනි තැන තියොඩර් සූසස් ගීසෙල් හෙවත් ‘ඩොක්ටර් සූසස්‘ට හිමිය. ඔහු කාටුන ශිල්පියෙක් හා ගත්කතුවරයෙකු වන අතර වඩාත් ප්‍රකට ළමා සාහිත්‍යය වෙනුවෙන් කළ කැපකිරීම නිසාය. ඔහුට එම ළමා ග්‍රන්ථවලින් වාර්ෂික ආදායම් තවමත් ගලා එයි.
8 වැනි තැන ප්‍රකට සංගීතඥ ජෝන් ලෙනන් සතුය. ගිටාර් ශිල්පියෙකු හා ගායකයෙකු ලෙස ප්‍රකට ඔහු කළ නිර්මාණ නිසා මිලියන 12ක ආදායම උපයා ඇත.
මේ අතර 1955 මියගොස් වසර 61 ක් ගතවීත් මහා ගණිතඥ ඇල්බට් අයින්ස්ටයින් සිය පේටන්ට් බලපත්‍ර වලින් මිලියන 11.5ක් උපයා ඇත්තේ ලැයිස්තුවේ 9 වෙනියා වෙමිනි.

ප්‍රකට පැරණි නිරූපිකාවක වූ බෙටී පේජ්ද සිය නම සලකුණු ලබාගත් ඇඳුම් නිර්මාණ වලින් මිලියන 11 ක් උපයා ඇත.
ඩේවිඩ් බූවි සංගීතඥයෙකු හා නළුවෙකු ලෙසද ප්‍රකටය. මිලියන 10.5 ක් උපයා ඔහු ලැයිස්තුවේ 10 වෙනි තැන ලබා ඇත.
60-70 දශක වල හොලිවුඩ් නළුවෙකු වූ ස්ටීව් මැක්-ක්වීන් තවමත් ආදායම් උපයන නිර්මාණ සඳහා දායකවූවෙකි. ගිය වසරේ ඔහුගේ ආදායම මිලියන 9 කි.
හොලිවුඩයේ අංක එකේ නිළි තාරකාව ලෙස දිගුකලක් වැජඹුණ එලිසබෙත් ටේලර්ද සිය නිර්මාණ වලින් පසුගිය වසරේ මිලියන 8ක් උපයා ඇත.
එම ලැයිස්තුව පහත පරිදිය.

Michael Jackson, $825 million
Charles Schulz, $48 million
Arnold Palmer, $40 million
Elvis Presley, $27 million
Prince, $25 million
Bob Marley, $21 million
Theodor “Dr. Seuss” Geisel, $20 million
John Lennon, $12 million
Albert Einstein, $11.5 million
Bettie Page, $11 million
David Bowie, $10.5 million
Steve McQueen, $9 million
Elizabeth Taylor, $8 million


2 Comments

Leave a Reply
  1. එකට අපේ ,ප්‍රින්ස් උදය ප්‍රියන්ත මරුන විතරයි උගේ සින්දුත් ලියාගන්න දඟලනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ජයවර්ධනපුර රෝහලේ ශල්‍යාගාරයේ පමණක් ඇති සැත්කම් කරන රොබෝ අත

කෙනෙකුට දවසකට කොපමණ වේලාවක් නින්ද අවශ්‍යද?