, ,

සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

Facebook හි ‘ඩිස්ලයික්‘ බොත්තමක් දැමීමට සකර්බර්ක් තීරණය නොකරන හේතුව

ලෝකයේ ජනප්‍රියම සමාජ ජාලා වෙබ් අඩවිය වන ෆේස් බුක් හි තාක්ෂණික හැඩහුරුකම අංගෝපාංග කලින් කලට වර්ධනය වෙයි.වෙනස් වෙයි. ෆේස් බුක් මුල්වරට හඳුන්වා දුන් ‘ලයික්‘ බොත්තම එම ආයතනයේ අනන්‍යතාවය හිමිකරගත් සලකුණක් වෙයි. මේ දක්වාම ෆේස්බුක්හි හුවමාරුවන විවිධ දේවල්වලට ලයික් කිරීම බොහෝ අයට හුරුපුරුදු කටයුත්තක් වී තිබේ.
ෆේස් බුක් ලයික් (කැමැත්ත) පිළිබඳ ඡන්දය ලබාදීම එම පෝස්ටුව පළකරන තැනැත්තාට උත්තේජනයක් සපයයි. නමුත් ඇතැම් අය පළකරන දේවල් වලට අකමැත්ත තිබුණත් එයට ‘ඩිස්ලයික්‘ පළ කිරීමට බොත්තමක් නැත.
ඇතැම් ප්‍රවෘත්ති වෙබ් අඩවි වල කොමෙන්ටු වලට පවා ලයික් හා ඩිස්ලයික් වෙනම අන්තර්ගත වුවත් මේ තාක්ෂණික වෙනස කරන්නට ෆේස් බුක් උනන්දු නොවූයේ මන්දැයි බොහෝ අයට ගැටලුවක් විය.
මේ අඩුව ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවත්වන විවිධ දේශන අතරදී කලෙක සිටම බොහෝ අය අසා තිබෙන මුත් ඔහු එයට හරි පිළිතුරක් දී තිබුනේ නැත. ‘මං ඒ ගැන බලන්නම්‘ ආදී දේ කියමින් ඔහු එම ප්‍රශ්නය මගහැර ගොස් ඇති අවස්ථා කිහිපයක්ම වාර්තා වී තිබිණි.
පසු කලෙක 2014 සකර්බර්ග් පැවැත්වූ එක්තරා වැඩමුළුවකදී මෙම ප්‍රශ්නය ගැන ඔහු වෙනම කථා කර තිබේ.
‘මං දන්නවා ෆේස් බුක් බලන අයට විවිධ විවේචන තිබෙනවා. ලයික් බොත්තම ගැලපෙන්නෙ නැති තැන් තියනවා. උදාහරණයක් හැටියට ජාතික ව්‍යසනයක් ගැන දැනුම්දීමක්, කෙනෙකුගේ අභාවයක් වැනි දේකදී ලයික් බොත්තම කාටහරි වේදනාවක් ගෙන දෙන ප්‍රතිචාරයක්. අපි ඒක ඉදිරියේදී වෙනස් අදහස් වලටත් ඉඩ දෙන එකක් කරනවා.‘
සකර්බර්ග් කියූ ලෙස මින් වසරකට පමණ පෙර ලයික් බොත්තමට අමතරව “Love” ,”Haha” ,”Wow” ,”Sad” සහ “Angry” හඳුන්වාදුන්නේ ඒ අනුවයි.
නමුත් ‘ඩිස්ලයික්‘ එතැනත් නැත. මේ වනතුරු ෆේස්බුක් ඩිස්ලයික් බොත්තම නොදැමීම ගැන ටෙක් ඉන්සයිඩර් තාක්ෂණික වෙබ් අඩවිය අපූරු පැහැදිලි කිරීමක් කර තිබුණි.
පුද්ගලයින් අතර අන්‍යොන්‍ය සම්බන්ධය වර්ධනය කිරීම ෆේස් බුක්හි පරම අරමුණයි. මනෝ විද්‍යා සිසුවෙකු ලෙස හාවඩ් සරසවියේ අධ්‍යාපනය හැදෑරූ සකර්බර්ග් සිය තාක්ෂණික නිර්මාණය වූ ෆේස්බුක්හි ක්‍රියාකාරකම් හා උපාංග බොහෝ විට මුල සිටම විද්‍යාත්මක පදනමකින් පෙළගස්වා ඇත.
ඒ අනුව පුද්ගලික සන්නිවේදනයේදී ‘ඩිස්ලයික්‘ බොත්තමකින් වන හානිය ඔහු කල්පණා කරන්නේ යම් කෙනෙක් කියූ දෙයකට ‘මූණට දමා ගැසීමක්‘ ලෙසයි. අලුතින් එක් කළ ‘ඇන්ග්‍රි‘ බොත්තම අකමැත්ත වෙනුවෙන් කෙනෙකුට සලකුණු කළ හැකි වුවත් එය අර තරම් ප්‍රබල නැත. ඩිස්ලයික් බොත්තමක් දැමුවොත් පුද්ගලයින් අතර අන්‍යොන්‍ය සම්බන්ධය බිඳදමන්නට එය හේතුවනු ඇතිවාක් මෙන්ම එමගින් ෆේස් බුක් පැතිරවීම (‘මාකට් කිරීම‘) සම්බන්ධයෙන්ද ගැටලු පැනනගිනු ඇති බව සකර්බර්ග් මුල සිටම විශ්වාස කළේය.
ප්‍රවෘත්ති වෙබ් අඩවි වල නොදන්නා පුද්ගලයින් කොමෙන්ටු වලට ඩිස්ලයික් දැම්මාට මත පළකිරීම සම්බන්ධයෙන් කාගේවත් හිත් අමනාපකම් ඇති නොවන නමුත් ෆේස්බුක් පෝස්ටු හෝ කොමෙන්ටු ඩිස්ලයික් කිරීම බොහෝ විට දන්නා පුද්ගලයින් අතින් සිදුවන නිසා බරපතල තත්වයන් මතුවිය හැකි බව සකර්බර්ග් විශ්වාස කරයි.
එබැවින් ෆේස් බුක්හි ඩිස්ලයික් බොත්තමක් ඉදිරියටත් අඩංගු නොවනු ඇත.

සකර්බර්ග් ඩිස්ලයික් බොත්තම ගැන 2014 පැහැදිලි කළ හැටි


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රින්ග් ටෝන් තහනම් – ජාතික ගීයේ ගෞරවය වෙනුවෙන් චීනයෙන් අලුත් නීති

හොලිවුඩ් නිළි කැරී මියගොස් දිනකින් මවත් මියගියා – කැරීගේ මරණයට හේතුව කොකේන් බව දැන් හෙළිවෙලා