, ,

සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

සම්මුඛ සාකච්ඡා සම්මාන උළෙලවල් මගහරින අමීර් කාන් ගැන අසා නැති කරුණු

හින්දි සිනමාවේ ඉහළින් වැජඹෙන නළුවකු වන අමීර් කාන් ගැන අසා නොපුරුදු කරුණු කිහිපයක් ගෙන එන්නටයි අප අද උත්සාහ කරන්නේ.
වයස 52 ක් වන අමීර්ගේ සම්පූර්ණ නම අමීර් හුසේන් කාන්. අමීර් ප්‍රතිපත්ති රකින්නෙකු හැටියට ප්‍රකටයි. ඔහුට මුල් කාලයේ ඇතිවූ ප්‍රශ්න කිහිපයකින් පසු ඔහු මාධ්‍ය සමග කටයුතු කරන්නේ පරිස්සමෙන්. ඔහුට ප්‍රචාරණයේ පාඩු සිදුවුණත් ඔහු මාධ්‍ය ඉදිරියේ ප්‍රතිපත්තිගරුකයි.

හින්දි සිනමාවේ වැඩිම අලෙවිය ඇති සඟරා කිහිපයකට ඔහු ප්‍රතිපත්තියක් ලෙස සම්මුඛ සාකච්ඡා ලබාදීම වසර 10 ක කාලයක සිට නවතා තිබෙනවා. ඒවා අතර Filmfare, Stardust, Cineblitz යන ප්‍රධාන සඟරාද තිබෙනවා.
ඔහු සිනමා සම්මාන උළෙලවල්ද මග හරින අයෙක්. ඔහුගේ නම කුසලානයක් සඳහා නම් කෙරෙන බොහෝ අවස්ථාවල ඔහු පැමිණ නැති බව සභාවේ නිවේදනය වීම ඉන්දියානුවන්ට පුරුදුයි.

ඔහුට චිත්‍රපටයක් කරන්න ලැබුණාම අන් සියලුම නළුනිළියන් පරදන තරම් කැපවීමක් ඒ වෙනුවෙන් සිදු කරන්නකු බව කියැවෙනවා. පසුගිය කාලයේ තිරගතවූ ‘ගුලාම්‘ චිත්‍රපටය වෙනුවෙන් දින ගණනාවක් ස්නානය නොකර ඔහු සිටියේ චරිතයට අවශ්‍ය පරිදි ගොරහැඩි සමක් හදාගන්න අවශ්‍ය වූ නිසා බව ඔහු පසුව කියා තිබුණා.

අමීර්ගේ රංගනය කණපිට පෙරලූ සිනමා නිර්මාණයක් වුනේ ‘ගජිනි‘. මෙහි පිටපත දැක එහි බැරෑරුම් කම ගැන ඔහු බියවූ බව පැවසුණා. මුලින් ඔහු එය තෝරගන්නට බැරිය යන ස්ථාවරයේද සිටියා. අධ්‍යක්ෂ මුරුගදොස් හමුවීමට ගිය ඔහු එම පිටපත නැවත භාරදී මට මේක කරන්න බැරිවේවි මං ඉල්ලා සිටිනවා මාව වෙනුවට සල්මන්ව දාලා මේක කරන්න කියලා යයි පවසා තිබේ. කෙසේ නමුත් අන්තිමේදී අමීර් ‘ගජිනි‘ රඟපෑවේය. එහි ඉහළම දක්ෂතා පෙන්වීය.

අමීර් පුද්ගලික ජීවිතයේ ඉතා බුද්ධිමත් කතාබහක යෙදෙන තර්ක විතර්ක වලට ආසාකරන චරිතයකි. ඔහු රුබික් කියුබ් කැටයක් විසඳන්නට ගත කරන්නේ මිනිත්තු13 ක් වැනි කෙටි කාලයක් බවත් හෙළිව තිබේ.

රීනා දත්තා සමග අමීර්ගේ පළමු විවාහය අසාර්ථක විය. එම විවාහයෙන් ඔහුට දියණියක හා පුතෙකු ලැබුණි. අමීර් දෙවනවර විවාහවූයේ කිරාන් රාඕ සමගයි. ඇය ඔහුට හමුවූයේ ලගාන් චිත්‍රපටයේ රූගතකිරීම් අතරෙදීය. ඇය එහි සහාය අධ්‍යක්ෂිකාව විය.
අමීර් මුලදී මස්මාළු අනුභව කළ අයෙකි. පසුව ඔහුගේ දෙවන බිරිය කිරාන් නිසා ශාකාහාර වලට පමණක් පුරුදු විය. ඔහුගේ බිරිය කිරාන් කියන්නේ අමීර් වෙලාවට කන්නෙ නැති වෙලාවට නාන්න පුරුද්දක් නැති අයෙකු කියාය.

අමීර් කාන් ප්‍රසිද්ධිය වෙනුවෙන් තම ආත්මය පාවාදෙන්නට අකමැති ගණයේ කෙනෙකු බව මුලිනුත් පැවසුණා.
සත්‍ය ලෙසම එහි හොඳම උදාහරණය වාර්තාවූයේ මෑතකදීයි. ඔහුගේ අනුරුවක් ඉටියෙන් තනන්නට සුප්‍රකට මැඩම් තුසාඩ් සමාගම ඔහුගෙන් ඉල්ලීමක් කර තිබුණ පසු තමාගේ අනුරුවක් අවශ්‍ය නැති බව කියමින් ඔහු එය ප්‍රතික්ෂේප කළේය.සල්මන් කාන්,අමිතා බච්චන්,කත්‍රිනා කයිෆ්,මධුරි ඩික්සිත්, අයිශ්වර්යා රායි ඇතුළු කිසිදු තාරකාවක් නොකළ දෙයක් ඔහු සිදු කිරීම නිසා මේ ගැන මාධ්‍ය වාර්තාද පළවිය.

ඔහුට විශාල මුදලක් ලැබෙන කටයුත්තක් මෙන්ම ඔහුගේ රුව සදාකල් ලෝක වාසීන්ට වටිනාකමක් ගෙන දෙන දෙයක් බවට පත්වන්නට තිබුණ එම විරල අවස්ථාව ඔහු අහිමි කරගත්තේ එලෙසිනි.
මැඩම් තුසාඩ් සමාගම පවසා තිබුනේ තමන්ගේ එවැනි යෝජනාවක් ප්‍රතික්ෂේප කළ ලොව එකම ප්‍රසිද්ධ පුද්ගලයා අමීර් කාන් පමණක් බවය.


2 Comments

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කසුන් කල්හාරගේ මව ගැන නොව අසම්පූර්ණ ආදරය ගැන ලියැවුණ ‘ඇරඹුමම කඳුලක් වෙලා‘

අල්ලපුගෙදර තරුණිය හොරෙන් කසාද බැන්ද ගංගුලි