, ,

සුපිරියි වැදගත්

අයිසීසී චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් තැනූ ගූගල් ගේම් එකට ඉහළ ප්‍රතිචාර

පසුගියදා එංගලන්තයේදී 2017 චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන වකවානුවේ ගූගල් සර්ච් එන්ජින් එකෙහි දර්ශනය වූ ගොළුබෙල්ලන් හා තණකොල පෙත්තන් අතර ක්‍රිකට් තරගය පසුගිය කාලයේ අතිශය ජනප්‍රියවූ ගූගල් අයිතමයක් ලෙස වාර්තා තබා තිබේ.
ගූගල් සමාගම වරින්වර විවිධ සැමරුම් නිමිති කරගෙන සිය පරිශිලකයින් වෙත ‘ඩූඩල් ‘ නමින් හැඳින්වෙන මේ ආකාර අයිතම හඳුන්වා දෙන අතර මෙවර ඉතා නිර්මාණශීලී ලෙස ඉදිරිපත් කර තිබුණ ක්‍රිකට් තරග ක්‍රීඩාව ඕනෑම කෙනෙකුට පහසුවෙන් ක්‍රීඩා කළ හැකි ආකාරයට සකසා තිබුණි. මවුසිකයෙන් පාලනය වන පරිදි 4 පහර 6 පහර 1-2-3 ලකුණු ලබාගත හැකිවූ අතර වැඩිම ලකුණු තරග වාර්තාවද ඒ ඒ පරිගණකය තුළ එකිනෙක වෙනස් ලෙස රඳවමින් ක්‍රීඩා කරන අය දිරිගන්වන ලෙස සැකසී තිබුණි.
මෙම අයිතමය ගූගල් තුළ දර්ශනය වූයේත් වැඩිවශයෙන් භාවිත කර තිබුනේත් ක්‍රිකට් ක්‍රීඩාව කරන රටවල් වල පමණි. Digital spy වෙබ් අඩිවියේ වාර්තාවකින් පැවසුනේ මෙම අයිතමය නිසා ඒ දිනවල ඇතැම් කාර්යාල වැඩ පවා අවුල්වූ බවයි. පරිගණකයේ මෙම ක්‍රීඩාව ඇබ්බැහිවන සුලු එකක් වූයෙන් ඇතැමුන් එම ක්‍රීඩාවේ එල්ලී සිට කාර්යාල වැඩ අතපසු කිරීම එයට හේතුවයි.
එච්ටීඑම්එල් 5 තාක්ෂණය ඔස්සේ නිපදවා තිබුණ මෙම කුඩා ක්‍රීඩාව ගූගල් පරිශීලකයින් සමග අන්තර්ක්‍රියා දිරිගැන්වූ බවත් අයිසීසී තරගාවලියේ ප්‍රවර්ධනය පිණිස ඉවහල්වූ බවත් පසුව කළ සමීක්ෂණ වලින්ද හෙළිව තිබේ.
මෙම නිර්මාණය සිදු කර තිබුනේ ගූගල්හි Greg Capuano, Perla Campos යන දෙදෙනෙකු විසිනි.

මෙම ක්‍රීඩා අංගය මේ වනවිට ගූගල් තුළ දර්ශනය නොවුණත් එයට අදාළ පැරණි ලිපිගොනුව තවමත් සක්‍රීයව පවතින නිසා කිසියම් කෙනෙකුට එය නැවත ක්‍රීඩා කර බලන්නට දැනුත් හැකිය.
ඒ සඳහා යොමුව පහතින්
http://www.google.com/cricket17


What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

One Comment

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

අපට අමතක වෙන්නේ ඇයි – මතක වර්ග 5 ක් ඇති බව අසා තිබේද?

පිටවෙන්නත් කලින් මිලියන ගණන් හිට්වූ රහුමන් සංගීතෙන් එන ‘මම්‘ (Mom) හින්දි චිත්‍රපටය