,

සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

සැබෑ දරුවන් හැරගිය පසු අරන් හදන දරුවන් නිසා සතුටුවන පොප් ගායිකා මැඩෝනා

අසූව අනූව දශකවල ලෝකයේ වැඩියෙන්ම කථාබහට ලක්වූ පොප් ගායිකාව බවට පත්ව සිටි මැඩෝනා ගැන වර්තමාන පරපුර දන්නේ අඩුවෙනි. පොප් ලෝකයේ කිරුළ දැරූ මයිකල් ජැක්සන් හා සමානවම ඇය එකල ජනප්‍රිය විය.
ගීත රචනා කලාව,ගායනය,නර්තනය මෙන්ම චිත්‍රපට නිෂ්පාදනයද සිදු කළ ඇය ඒ කාලයේ ලෝකයේ ආකර්ෂණීයම කලාකාරිය ලෙස පිළිගැනීමට ලක් විය. ඇය ඇගේ නිර්මාණ නිසා කෝටි ගණන් මුදල්ද ඉපයූවාය.මැඩෝනා දැන් 58 හැවිරිදි සය දරු මවකි. අසාර්ථක විවාහ තුනකින් පසු ඇය දැන් තනිකඩව කල්ගෙවන අතර ඇගේ දරුවන් 6 දෙනාගෙන් ඇය සමග තනිනොතනියට සිටින්නේ අරන් හදාගන්නට ගත් දරුවන් 4 දෙනෙකු පමණි.
නළුවන් දෙදෙනෙකු හා චිත්‍රපට නිෂ්පාදකයෙකු සමග මැඩෝනා කලින් කල වාසය කළාය.

ඇගේ වැඩිමල් දියණිය උපත ලද්දේ සිනමා නළු කාලොස් ලියොන් සමග වාාසය කරන කාලයේය. දැන් 20 හැවිරිදි වියේ පසුවන ලෝඩස් මාරියා නමැති දියණිය මැඩෝනාගේ ඊළඟ සහකරුවාද පිය තනතුරේ තබා කාලයක් වාසය කරමින් සිටියත් පසුව මැඩෝනා හැරදමා නැවත ඇගේම පියා කාලොස් හා කුඩම්මා සමග දිවිගෙවයි.

මැඩෝනාගේ පුත් රොකෝ උපත ලද්දේ ඇයගේ අවසන් විවාහය පැවති චිත්‍රපට නිෂ්පාදක ගයි රිචී සමග විවාහයෙදිය. මැඩෝනාට කළු සම ඇති අය දරුකමට හදාගැනීමේ උමතුවක් තිබුණ අතර 2006 හා 2009 වසරවල ඩේවිඩ් හා මර්සි නම් වලින් යුතු පිරිමි දරුවෙකු හා ගැහැණු දරුවෙකු ඇය අරන් හදාගන්නට යොමුවූවාය. ඒ අප්‍රිකානු මලවි රාජ්‍යයේ ඇය සමාජ සුබසාධන වැඩසටහන් වලට සහභාගීවන අතරවාරයේය. ගයි රිචී සමග මැඩෝනාගේ විවාහය දෙදරායාමෙන් පසුත් පුතු රොකෝ ඇය සමග සිටි නමුත් ප්‍රශ්න මතු විය.


අප්‍රිකානු දරුවන් සමග එකට වාසය කරන්නට කාලයක් යද්දී මැඩොනාගේ පුතු රොකෝ අකමැති විය. ඔහු මවගේ ක්‍රියාකලාපයන්ද පහත් ලෙස හෙළා දුටුවේය. මින් වසර කිහිපයකට පෙර මැඩෝනාගේ සමාජ මාධ්‍ය වෙත පිළිකුල් සහගත වචන වලින් බැණ වදිමින් ඔහු කළ ප්‍රකාශයක්ද ආන්දෝලනයට ලක් විය. පසුව ඔහු ඇය හැර ගිය අතර දැන් වාසය කරන්නේ සිය පියා සහ කුඩම්මා සමග එංගලන්තයේය.

මුලින් මලවි රාජ්‍යෙය් දරු දෙදෙනෙකු අරන් හදාගන්නට ගත් මැඩෝනා පසුව ඒරටේම තවත් නිවුන් දරු දෙදෙනෙකුද අරන් හදාගන්නට ගත්තාය. මලවි රාජයේ නීති රිති අනුව එම දෙදෙන ලබාගැනීමට යාමේදී මැඩෝනා නීති ප්‍රශ්න වලටද මැදිවුණ අතර පසුව ඒවා හීන් සීරුවේ විසඳාගෙන තිබේ.

පසුගියදා මැඩෝනා මලවි රාජ්‍යයේ බ්ලැන්ටයර් හි The Mercy James Institute for Pediatric Surgery නමින් ළමා රෝහලක් විවෘත කරන ලද්දේ ඇගේ වියදමින් කරන පරිත්‍යාගයක් ලෙසයි. ඒ රටින් ඇය දරුකමට ගත් මර්සි දියණියගේ නම එම රෝහලට තබන්නටද ඇය අමතක නොකළාය.

තම ලෙයින් උපන් දරුවන් හැරගොස් සිටියත් මැඩෝනා ඒ ගැන දුක් වන්නේ නැත. ඩේවිඩ් හා මර්සි නමැති දරුකමට ගත් දරුවන් සමග ඇය රෝහල් විවෘත කිරීම අවස්ථාවේ සිත් සතුටින් ගත කළ අවස්ථාවේ ගත් ඡායාරූපයක් විදෙස් මාධ්‍ය වාර්තා කළේ සංවේදී අවස්ථාවක් යයි නම් කරමිනි.

Pix-Reuters/Siphiwe Sibeko


4 Comments

Leave a Reply
  1. 80 දශකයේ මැඩෝනා ගැන නොදන්න එකෙක් ඒ දවස්වල හිටියේ නැහැ….. ඒ දවස්වල මැඩෝනා යනු කාම ධේනුවක් කියලායි ප්‍රසිද්ධ….. සුප්‍රසිද්ධ ටු-පැක් ෂකූර් එක්කත් මෙයාගේ සම්බන්ධයක් තිබ්බා…. පස්සේ එකත් අත් හැරුණා….. ඒ කරපු දේවල් සියල්ල අත් හැරලා දැන් මැඩෝනා මෙවැනි පිං අතේ වැඩ කිරීම අගය කල යුතුයි…. මේ වගේම අපේ රටේ ඉන්න මැන්ටල් නිළි අක්කලාත් වෙනවානම් තමා හොද….. (කාම ධේනුවන් නොවී පිං අතේ වැඩ වලට දායක වෙන හොද කාන්තාවන් වීම)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සමාජ ජාලවල අවභාවිත වූ මුස්ලිම් කතගේ ෂෙල් දැන්වීම ඉවත්කරලා

පිළිකාව නිසා වයස 5 දී හොඳම මිතුරා කසාද බැන්ද ඊල්ඩ් මියයයි