, ,

සුපිරියි වැදගත් කේන්තියි අවුල් වගේ

අල්ලපුගෙදර තරුණිය හොරෙන් කසාද බැන්ද ගංගුලි

‘ඩඩා’ යන ආදර නාමයෙන් හඳුන්වන ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු නායක සව්රවු ගංගුලි වසර 15 ක් පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් ක්‍රීඩකයෙකි. ඔහුගේ 45 වන උපන්දිනය ඊයේ (ජුලි 8) ට යෙදුණ අවස්ථාවේ ඉන්දීය මාධ්‍ය මගින් ඔහුගේ ප්‍රිය බිරිය ගැන අප්‍රකට කථාවක් හෙළිදරව් කර තිබුණා.
ගංගුලි කසාද බඳින්නේ ඔහුගේ නිවසට අල්ලපු ගෙදර සිටි තරුණිය වූ ඩොනා රෝයි සමගිනි. ඔවුන්ගේ ආදර කථාව ඇරඹෙන්නේ ඔහු ඇයට පෙනෙන්නට ඒ කාලයේ නිවස අසළ බැඩ්මින්ටන් ගසමින් සිටි අවස්ථාවකදීය.
මෙම ආදරයට ඩොනාගේ ගෙදරින් දැඩි ලෙස විරුද්ධ වෙයි. මේ නිසා පසු කලෙක ඔවුන් දෙදෙනාට මුණගැසෙන්නටත් බැරිව යයි. එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක ගිය දිනවල ගංගුලිට ඇය නැති අඩුව තදින් දැනෙන්ට පටන් ගනී. ඔහු කෙසේ හෝ ඇය සමග විවාහ ජීවිතය ඇරඹිය යුතු බව තම ක්‍රිකට් සගයන්ට හෙළි කරන්නේ 1990 ගණන්වලදීය. ඒ අනුව ක්‍රිකට් මිතුරන්ගේ උදව් ඇතිව යාළුවෙකුගේ ගෙදරකට ඩොනා ගෙන්වාගන්නා ගංගුලි රෙජිස්ට්‍රාර් කන්තෝරුවට ඇය ගෙන ගොස් හදිසි විවාහයක් ලියාපදිංචි කරයි.
මෙම කාරණාව ඩොනාගේ දෙමව්පියන්ගෙන් සඟවන්නට කාලයක් යනතුරු දෙදෙනාම කටයුතු කරන අතර ගංගුලි ඉන්දීය පිලේ නමක් දිනා සිටි කාලයේ 1997 වන විට ඩොනාගේ දෙමව්පියන් මෙම විවාහයට කැමැත්ත ලබා දෙන සුබ ආරංචිය ලැබේ. ඒ අනුව ඔවුන් දෙපිරිසගේ ආශිර්වාදය ඇතිව විධිමත් විවාහ උත්සවයක් 1997 ගනී. 2001 දී ඔවුනගේ එකම දියණිය වූ සනා උපත ලබයි.
ගංගුලිගේ බිරිය අදටත් ඉන්දියාවේ ප්‍රකට නැටුම් ශිල්පිණියකි. ඇය අනුව යමින් ඔවුනගේ දියණියද මේ වනවිට නර්තනයෙන් දස්කම් පාමින් සිටින්නීය.
පහත පළවන්නේ ගංගුලිගේ පවුලේ ඡායාරූප කිහිපයකි.


One Comment

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සම්මුඛ සාකච්ඡා සම්මාන උළෙලවල් මගහරින අමීර් කාන් ගැන අසා නැති කරුණු

ගුවන් යානා ගමන් වලදී පිරිනමන ආහාර වේල් වල වෙනස්කම්