සිරිමේඝවර්ණ නොහොත් කිත්සිරිමෙවන් රජුගේ ඇවෑමෙන් පසු, එතුමන්ගේ බාල සහෝදර ජෙට්ඨතිස්ස කුමරු (ක්‍රි. ව. 328-337) වරි 09ක් රාජ්‍ය පාලනය කෙළේය. කලින් සඳහන් කළ පරිදි ජෙට්ඨතිස්ස කුමරු මහසෙන් රජුගේ පුතෙකි. ජෙට්ඨතිස්ස ඇත්දත් කැටයම් ශිල්පයෙහි දක්‍ෂයෙකි. රාජාවලියට අනුව මෙම රජතුමා දළකඩ සඳුන, කිහිරිලි, ගල් ආදියෙන් රූප නෙළු බව පැවසේ. මහාවංශය කියන්නේ මොහු රජවීමට පෙර පියාගේ නියමයෙන් සෘද්ධියෙන් නිර්මාණය කරන ලද පරිදි බෝධිසත්ව රූපයක් ද, හාන්සි පුටුවක් ද, රුවන් මඩුවක් ද ඇත්දළින් කර ඇති වගකි. මෙම රජතුමා ගැන දීර්ඝ විස්තර ඉතිහාස ග්‍රන්ථවලින් අනාවරණය නොවේ.ජෙට්ඨතිස්ස රජුගේ මරණින් පසු එතුමාගේ පුත් බුද්ධදාස කුමරු රජවූයේය. බුද්ධදාස රජු (ක්‍රි. ව. 337-365) ගැන වංශ කථා තොරතුරුවලින් එළිදැක්වෙන්නේ දශරාජ ධර්මයෙන් රට පාලනය කළ හැටිය. සතර අගතියෙන් තොරව සතර සංග්‍රහ වස්තුවෙන් රට පාලනය කළ මෙතුමා පියකු පුතකුට දක්වන ආදරය සෙනෙහස මෙන් ජනතාවට අනුකම්පාවෙන් බෝධිසත්ව ආදර්ශ පෙන්වූයේය. සත් පුරුෂයන්ට ගරු කළ අතර අසත් පුරුෂයන්ට නිග්‍රහ කරන ලදී. අසරණ දුප්පතුන්ට වස්තුව ලබා දී ඔවුන්ගේ ජීවිත රැකදීමත් වස්තුව ඇති අයගේ දේපළ ආරක්ෂාව හා රැකවරණයත් සලසාලීය. එසේම මෙතුමා දක්‍ෂ වෛද්‍යවරයකු මෙන්ම වෛද්‍ය ශල්‍යකර්මයෙහි කෙළ පැමිණියකු ලෙස ද ඉතිහාස ගතවී තිබේ. ඖෂධ වර්ග හා ශල්‍ය වෛද්‍ය උපකරණ ද රජතුමා යන එන ස්ථානවලට ගෙනයෑමට අමතක නොකළේය. මෙම රජතුමා විසින් වෛද්‍ය ක්‍ෂේත්‍රයට අදාළ අභූතජනක ප්‍රතිකාර හතක් (07) කර ඇති බව මහාවංශය කියයි. දිනක් බුද්ධදාස රජතුමා ස්නානය සඳහා තිසාවැවට යද්දී පුත්තභාහ විහාරය අසල තුඹසක් මත වැතිර සිටි නයෙක් දිටීය. නයා ළගට ගිය විට ඌ උදර රෝගයකින් පෙළී සිටින වග හඳුනා ගත්තේය. රජතුමා නාගයා ඉදිරියේ සිට "මහා නාගය තගේ රෝගය මා හඳුනාගත් නිසා ප්‍රතිකාර කිරීමට කැමැත්තෙන් සිටියද තා ඉක්මනින් කිපෙන නිසා ස්පර්ශ කර තම ප්‍රතිකාර කිරීම අපහසු යැයි පැවසීයෙන් නාගයා පෙනය තුඹස තුළට යවා නිශ්චලව සිටියේය. රජතුමා නාගයාගේ උදරය පලා බෙහෙත් ගල්වා සනීප කෙළේය. මීට කළගුණ සැලකීමක් වශයෙන් නාගයා රජතුමාට සිය නාග මාණික්‍ය පිරිනැමීය. රජතුමා එම මැණික අභයගිරි විහාරයේ ශෛලමය ප්‍රතිමාවේ න්ත්‍ර කළ බව කියැවේ.
එක්තරා භික්ෂුන් වහන්සේ නමක් තමා නොදැනුවත්වම අවධානයකින් තොරව ප්‍රාණීන් සහිත කිරක් පානය කරන ලදුව, ඉන් පණුවන් වැඩී ආමාශ ගත රෝගයක් වැළඳුනි. රජ මේ සඳහා ප්‍රතිකාර කිරීමට ඉදිරිපත් වූ විට ලේ ඉවත යවා පිළියම් කළ යුතු අශ්වයකු ද රැගෙන ආයේය. රජතුමා අශ්වයා විද ලේ ගෙන භික්ෂූන් වහන්සේට බෙහෙතක් ලෙස පානයට දුන්නේය. උන්වහන්සේ එය වැළඳීමෙන් පසු "ඔබ වහන්සේ වළඳන ලද්දේ අශ්ව ලේ යැයි රජතුමා කීයේය. අමිහිරි පෙරැත්තයකට පත් ස්වාමීන් වහන්සේ හනික වමනය කිරීම නිසා ආමාශගතව සිටි පණුවන් පිටවී සුවපත් වූ වග ද කියැවේ. ලේ ලබාගත් අශ්වයාට ද අනතුරක් සිදු නොවිණි. ගිළුණි. මේ නිසා කුස තුළ දිය බරණක් ඇති වී තුඩින් බඩවැල් පහරන්නට විය. වේදනාවෙන් පෙළුණ ඔහු රජු හමුවට ආයේය. රෝග නිදානය විමසා රජතුමා කුස තුළ සර්පයකු සිටින බව දැන රෝගියා දින කීපයක් නිරාහාරව තබා නහවා නිදි කර වූයේය. ඔහුගේ මුඛය උඩට හරවා විවෘතව නිදාගෙන සිටියදී නූලක බඳින ලද මස් වැදැල්ලක් ඔහුගේ මුඛය අසල තැබීය. කුස තුළ සිටි සපයාට මස් ගඳ දැනී මුඛය දෙසට විත් එය රැගෙන යද්දී ඌ නූලකින් බැඳ දිය බඳුනක දැමීය. සතා ආමාශයෙන් ඉවත් කිරිමෙන් පසු රෝගය සුවය ලැබීය. තවත් වික්‍රමයක් මෙම රජතුමා කර ඇති බව වංශ කතා මගින් හෙළිවේ. ඒ නම් එක් අයකුගේ මොළය තුළ මැඩියකු වැඩී පීඩාකාරීව සිටින විට රෝගියාගේ හිස් කටුව පලා ශල්‍යකර්මයක් කර ඔහු සුවපත් කිරීමය. බුද්ධදාස රජතුමා මානසික රෝගීන් සඳහා ද ප්‍රතිකර්ම කිරීමට දක්‍ෂයකු විය. මෙතුමා ගමක් පාසා රෝහල් ඉදිකර එම රෝහල්වලට වෛද්‍යවරුන් පත් කෙළේය. කොරුන්ට, බීරන්ට, අන්ධයන්ට පවා විශේෂ වාසස්ථාන සාදා දුන්නේය. සතුන්ට මෙන්ම යුද්ධ භටයන්ට ද වෙන වෙනම වෛද්‍ය සේවා මධ්‍යස්ථාන පිහිටුවනු ලැබීය. වෛද්‍යවරුන් 10 කට අධිපති වෙද්‍යවරුන් පත්කළ අතර ඔවුන්ට වැටුප වෙනුවෙන් කුඹුරු වෙන්කර දුනි. එකල පැවැති විවිධ වෛද්‍ය ක්‍රම එක් රැස්කර සාරාර්ථ සංග්‍රහය නමින් වෛද්‍ය ග්‍රන්ථයක් ද මෙතුමා විසින් රචනා කරන ලදී. බුද්ධදාස රජතුමා කායික මෙන්ම මානසික රෝගීන්ට ද විශාල සේවාවන් කර තිබේ. දිනක් මෙතුමා සෙනග පිරිවරා චාරිකාවේ යන විට කුෂ්ඨ රෝගියකු රජතුමාට අසභ්‍ය වචනයෙන් බැන්නේය. රාජ පුරුෂයන් ඔහු අත්අඩංගුවට ගැනීමට සැරසෙද්දී රජතුමා එය නතර කර ඔහු ළඟට ගොස් ඔහුගේ කුෂ්ඨ රෝගය සුව කරලීමට කටයුතු කර ඒ සඳහා ඇමැතියකු යෙදවීය. මෙම කුෂ්ඨ රෝගියා මානසික රෝගියකු වූ අතර රජු කෙරෙහි වෛරයෙන් පසුවූ අයෙකි. තමාට සුවය ලැබුණේ රජුන්ගේ ඖෂධවලින් බව පසුව දැන රජුට භක්තියෙන් කටයුතු කෙළේය. රජතුමා මිය ගිය පසු ඔහු ඒ බව දැන ළය පැලී මිය ගිය වගක්ද කියැවේ. කලින් සතුරුවූවකු මිතුරුවීම නිසා ඒ මිතුරුකම කොතරම් ද යන්න මින් පැහැදිලි වේ. මෙම කීර්තිමත් රජතුමා විසින් කරවන ලද රෝහල් කීපයක් පිළිබඳව ශේෂ හමුවී ඇති බව පුරාවිද්‍යා චක්‍රර්වර්ති එල්ලාවල මේධාංනන්ද හිමියෝ පවසති. මිහින්තලය, මැදිරිගිරිය, අරකැලේ වැනි ස්ථානවලින් මේවායේ නටබුන් හඳුනාගෙන තිබේ. මෙතුමා රට පුරාම ධර්ම ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ධර්ම දේශකයන් වහන්සේලා පත් කළේය. මේ සඳහා උන්වහන්සේලාට දීමනාවක් ලබා දුන්නේය. ධර්ම අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට අනුරාධපුරයේ මෝර පිරිස්වෙන ආරම්භ කළේය. ගම්වලින් ලබාගන්නා ආදායම් මගින් මෙම අධ්‍යාපනික ආයතනවලට අවැසි පහසුකම් සලස්වා දුන්නේය. මෝර පිරිවෙන නොහොත් මොණරපා පිරිවෙන පස්විසි රියන් වූ බව මහාවංශ ටීකාවේ දැක්වේ. සිරිමාබෝධීන් වහන්සේස්ට නිරිත පැත්තෙන් මෙහි ගල්ලෑම් ආදිය දැකිය හැකිය. මෙම රජතුමාගේ රාජ්‍ය පාලන කාල සීමාවේදී ධර්ම කථික නම් වූ තෙරුන් වහන්සේ නමක් ලවා සූත්‍ර පිටකය හෙළබසට නංවනු ලැබීය. රජතුමා විසින් මහසෙන් රජු මෙන් වැව් ඉදිකළ වගක් මහා වංශයෙන් දක්වා ඇතත් ඒවා නම් වශයෙන් හඳුන්වා නැත. එවකට රට සුඛිත මුදිත සරු සාරබවින් තිබුණ අතර කෘෂිකාර්මික සංවර්ධන කටයුතු නිසා රට වැසියන්ට අග හිගකම් ඇති වී නැත. බුද්ධදාස රජතුමන්ගේ සමයේදී වූ සෙල්ලිපි කීපයක් අතුරින් රුවන්වැලි මහා සෑය අසලින් සොයාගත් ලිපියක "රජු සිරිමෙක ජෙට්ඨතිස්ස මහරජ අපයන පුත බුද්ධදාස මහසෙන මහරජ" (ජෙට්ඨතිස්ස අභය මහ රජුගේ පුත්‍ර බුද්ධදාස මහා මහරජු) යනුවෙන් සඳහන් වී තිබේ. මෙතුමාගේ කාලය තුළ මේ රටේ සාමය පැවැති අතර නගරයේ ආරක්ෂාව ද සලසා තිබේ. එවන් ආරක්ෂාවක් කර ඇත්තේ විදේශ ආක්‍රමණයන් නිසා විය හැකිය. එහෙත් මෙතුමාගේ ධාර්මික රාජ්‍ය පාලන කාලසීමාවේදී රටට කිසිම සතුරු බලවේගයක් උදා වූයේ නැත. විදේශිකයන් පවා බුද්ධදාස රජතුමාගේ සේවා කෙරෙහි ගෞරව කර තිබේ. මෙතුමාගේ දශරාජ ධර්ම සේවා කාලය වසර 28 කට සීමා විය.
Comments
Post a Comment