දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ගෘහාසන්නව ජීවත්වන කපුටාගේ චර්යාවන් ද මිනිසුන්ගේ නිරීක්ෂණයට අසු වී පවතී. කපුටා ළඟ ගුප්ත බලයක් ඇතැයි සිතීමට තුඩු දුන් හේතු කීපයක් ඇත. ඉන් එකක් වන්නේ මිනිසාට වින කරන හෙනහුරා නම් ග්‍රහයකුගේ වාහනය කපුටා වීම ය. සෙනසුරාගේ ඇති අසුභ ලක්ෂණ කපුටා තුළ ද ඇතැයි ගැමි ජනතාව විශ්වාස කරති. කෙනෙකුට හෙනහුරා ලබා ඌ වින කරන විට එම අපල දුරු කර ගැනීම සඳහා කපුටාට දානය දීම සිරිත ය.
කපුටා නිරතුරුව ම බියෙන් හා බඩගින්නේ සිටින සත්වයකු ලෙස සැලකේ. උගේ බඩගින්න නිවෙන්නේ පොල් තෙල් පහන්වල තිර ගිලීමෙන් පමණක් බව කියති. එබැවින් කපුටන්ට දානය දෙන විට පොල්තෙල් පහන් තිර ද ගිලීමට දෙති. කපුටාගේ තවත් ලක්ෂණයක් වන්නේ ඌට පහර දීමට ඇති අපහසුවයි. ඌට සියුම් දෘෂ්ටියක් ඇති අතර පහර දීමකට කෙනෙකු සුදානම් වන විටම උට එය දැන ගැනීමේ ශක්තියක් ඇත කපුටාගේ විශේෂත්වය ගැන කියන විට ගැමියන් කියන දෙයක් නම් හැම කෙනාම මස් කපුටා කෑවත් කපුටාගේ මස් කන්න කෙනෙක් නෑ යන්න ය. මෙයින් පෙනෙන්නේ කපුටාගේ මස් වෙනත් සතෙකු නොකන අප්‍රිය ජනක එකක් බවයි. මේ සියලු කරුණු සලකන විට කපුටාගේ චර්යා අධි විශ්වාසයන්ට මුල් වීම පුදුමයක් නොවේ. එවැනි විශ්වාස කීපයක් මෙසේ ය.
1. කපුටා ගොඩනැගිල්ලක් මත වසා කරව් කළොත් නෑයෙක් ගෙදරට එයි.
කරව් කරනවා යනු කාක් කීම නොවේ. ක්‍ර... ශබ්දය දිගට ම පවත්වා ගෙන යාම මින් අදහස් කෙරේ. කපුටා විශේෂ සතෙකු වී ඇත්තේ උගේ හඩ නිසාමය.
2. කපුටා වියළී ගිය අත්තක සිට කරව් කළොත් මරණයක් ගැන අසන්නට ලැබේ.
කපුටාට අනාගතය දැකීමේ හැකියාවක් ඇතැයි යන විශ්වාසය මත මෙය ප්‍රකට වී ඇත.
3. කපුටා අමු අත්තක සිට කරවි කළොත් සුභ ආරංචියක් ලැබේ.
මෙහිදී කපුටා සිටින්නේ කුමන දිසාවේ දැයි බලා නවත් සියුම් ලෙස අර්ථ කියන අය ද සිටිති.
4. කපුටා නැව තැනකින් වතුර ගෙන බීමෙන් ළමයින්ගේ කක්කල් කැස්ස සුව වේ.
ළමයින්ට පහසුවෙන් වැළඳෙන වේදනාකාරී රෝගයක් වන කක්කල් කැස්ස සුව කරන බෙහෙත් නොතිබුණු නිසා එය කෙම් පහන් ආදියෙන් සුව කිරීමට එදා උත්සාහ ගෙන ඇත. කක්කුට්ටන් තැම්බූ වතුර බීමට දීම, බාඳුරා ගොටුවේ වතුර බීමට දීම වැනි දේ එම රෝගය වෙනුවෙන් කළ අතර කපුටා නෑ තැනක වතුර බීමට දීම ද කළ බව පෙනේ.
Comments
Post a Comment