ඇල්හේන - ඇල් වී වපුළ හේන / අලුතින් තැනු නවදැලි හේන
දෙගිනි - මිනී පුළුස්සන විට දරසෑය දෙපැත්තෙන් ඇවිලෙන ගින්න
එකට යාවීම
පහත්තියන් - ස්තිරතාවයක් නැති/ පිළිවෙළක් නැති
ඉලන්දලේ - අවනම්බුව
දුක්හානිපාතය - විපත / ශෝකය
නියංසාය - දැඩි නියගය
වළං පැළෙන අව්ව -තදබල අව්ව
තෙල් අල්ලනවා- තෙල් මතුරනවා
කඳුහින්න - කුඩා කඳුගැටය
ලවල්/ලවල්ල - තණකොළ
පොතාන - දිය සහිත කැලෑබිම
අත්තම- ශ්‍රම සහයෝගයට එකිනෙකාගේ වැඩපළ කරගැනීම
රොක් කිරීම- එකතු කිරීම
උමං - පරාල
බඩදිය- මූත්‍රා
බඩදිය බානවා - මුත්‍රා කරනවා
වහජ්ජා -මස්සිනා
සකියා - උදව්වන්නා / ප්‍රධානියා
ඔක්ක -උකුළ
ඔක්කෙගහනවා - උකුළට ළමුන් වඩා ගන්නවා
පොඩොස්සි - මල්වර වීමට ආසන්න යුවතිය
වරෙත්තලා - එන්ට / ඉක්මන්කර එන්ට
බුරුල් බානවා -පැටව් දමනවා
නින්දු මාන්දුයි- නිවාරණයි / ස්ථිරයි / තීන්දුයි
ඔහොරිය -ඔසරිය
නෑහෙන්තුවේ යනවා - නෑදෑගමන් යනවා
ගෙදෙට්ට - ගෙදරට
බවරි කරනවා - ආඩම්බර පෙන්වනවා
බේජ්ගල - බෙහෙත් ඇඹරුම් ගල
සප්පායම්- ආහාර ගැනීම
කටකමසෙයියාව - කටේ සමබර බව
කෙලිසප්පි - කෙල්ල / ආදරණීය ඇමතුමකි
රෙද්ද එළනවා - පලුදු හෝ ඉරී ගිය රෙදි මැසීම
අයියප්පච්චි - පවුලේ වැඩිමහලු පිරිමි දරුවා
අක්කප්පච්චි - පවුලේ වැඩිමහලු ගැහැනු දරුවා
තැම්බ - ගොඩ
ගොම තැම්බ - ගොම ගොඩ
Comments
Post a Comment