කෝණමංගල්ලය - සිංහල අලුත් අවුරුද්ද
කෝණගෙඩිය - අලුත් අවුරුද්ද
කෝණ කුරුල්ලා - කොහා
කෝණ කුමරා - අවුරුදු කුමරා
කෝණ පිදවිලි - අවුරුද්දට හදන කැවිලිවර්ග
තෙල් වළං - ගැඹුරු තෙලේ කැවිලි තැනීමට භාවිත කරන වළං මුට්ටි
තෙල් වළන් ලිප තියන - තෙල් වළං ලිප තබා නැකතට කැවිලි නැකත තනන චාරිත්රයකි
අකාමකාවෙලා - අයිවෙලා
ලිප්බොක්ක ගානවා - අවුරුද්දට ලිප ගොම මැටි ගෑම
ලිප්බොකු තහංචි - ලිපේ ආහාර පිහමන තහනම්
දෙමෝල - මෝල්ගස් දෙකක් ආධාරයෙන් පිටි කෙටීම - අවුරුදු සමයේ භාවිත කරන
ජනක්‍රීඩා - අවුරුදු සමයේ භාවිත කරන ජනකෙළි
අවුරුදු කෙළි - දෙවියන් උදෙසා සිදුකරන අවුරුදු ක්‍රිඩා පොරපොල් සහ අංකෙළිය වැනියි
වංගෙඩිපොළ - වංගෙඩිය තබන මුල්ල
කුල්ල ගානවා - අවුරුද්දට පෙරාතුව හාපොළන කුල්ලේ බෙලි, තිඹිරි හෝ ගොම ගෑමයි
ගම්මැද්ද මල්වර වෙලා - අලුත් අවුරුද්දට අලුත් මුහුණුවරකින් ගම සූදානම් වෙලා යන්නයි
මකුල්ල ගානවා - මකුල්ල මැටි ගානවා
එකලාසයක් - පිළිවෙළක්
කළපොළ - කළගෙඩි තබන ස්ථානය
වළං කත්කාරයා - වළං කඳේ රැගෙන යන්නා
නෑහෙත්තුවේ යනවා - නෑදෑ ගෙවල යනවා
සංග්රාන්දිය - එනම් සංක්රාන්තියයි. මේ කාලයේ දී අවුරුදු උදාවට පෙර සියලු වැඩ අත්හළ යුතුයි
කුහුකුනුව- කොහාගේ නාදය
තෙල් ඇඹුල් ගානවා - හිස තෙල් ගාන නැකතට තෙල් ඇඹුල් ගෑම
වළකජු ගහනවා - කජු ඇට රැගෙන සිදුකරන ජන ක්‍රීඩාවක්
නැකැත් සීට්ටුව - අවුරුදු නැකැත් සියල්ල ලියා ඇති පත් ඉරුව
දැකුම් දෙනවා - ගොවිගෙදර ඇත්තන්ට උදව් උපකාර කරන සේවාදායකයින්ට තෑගි දීමේ චාරිත්‍රය
පොරපොල් කෙළිය - පොරපොල් යොදාගෙන අලුත් අවුරුද්දට පෙර පත්තිනි දේවිය උදෙසා පවත්වන පූජාවක්
අංකෙළිය - බක්මහ උදාවට පත්තිනි පිහිට ඉල්ලමින් සාම්ප්‍රදායි ලෙස අං ඇදීමේ නිරත වීම
බුහුකෙළිය - තරුණ පිරිස අතර ජනප්‍රිය හෙළ පන්දු කෙළියක් බුහුව ලෙස ජම්බෝල ගෙඩියක් යොදා ගනියි
නෙරංචි අඳිනවා - බක්මහ ජනකෙළියක්. මෙයට නෙරංචි යොදාගනියි. එසේම ක්‍රීඩා කිරිමට පෙතක් තිබිය යුතුයි.
පංචාකෙළිය - පංච බෙල්ලන් සහ පෙතක් යොදා ගෙන දෙපිළ බෙදී සිදු කළ යුතු ජන ක්‍රීඩාවක්
නොනගතය - සංක්‍රාන්තිය හෙවත් නැකත් නැති වේලාවයි
පුණ්‍ය කාලය - නොනගත කාලයයි
පිළාපිළිහිඩු - එනම් ජනසම්මත පිලීවර්ගයි. මෙයට මස් සහ මාළු වර්ග අයත් වෙයි
හත්මාලුව - අවුරුදු බතට පිසින වැංජන වර්ග හතක් සහිත භෝජනය
රබන් තහංචි - නොනගත වෙලාවේ රබන් වාදනය තහංචියක් එලෙස රබන් වාදනය කළ යුත්තේ උචිත වෙලාවේදී පමණයි
ගණුදෙනු කිරීම - අවුරුද්දට හා හා පුරා කියා ජලය හෝ මුදල් හුවමාරු කර ගැනීම
අලෙයිකිරීම- එනම් ගණුදෙනු කිරීමයි. මෙය දකුණු පළාතට ආවේණික අවුරුදු චාරිත්‍රයක්
ළිඳ අලෙයි කිරිම - ළිඳ සමග ගනුදෙනු කිරීම
දියවර ගණුදෙනු - අවුරුද්දේ හාහාපුරා කියා වැවට හෝ ජලය ගන්නා ස්ථානයට ගොස් ගණුදෙනු කිරීමයි. එනම් දියවර ලබා ගැනීමයි.
කුණුමුත්තා පිදීම - නොනගතයට පෙර ලිප්බොක්කේ සහ කුස්සියේ තිබෙන අළු රොඩු සියල්ල ඉවත් කිරීමේ චාරිත්‍රයයි.
Comments
Post a Comment