gossiplanka image 1
 


කරුණා කරනවා - ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන විට සමන් ගිර නැගීම

පද්මය - ශ්‍රී පතුල

ගඟුල - වැස්ස

හිමේ - තද ශීතල / සිරිපා කන්සේ කැලය

කෙඩෙන්තුව - වෙහෙස

කුට්ටිසාක්කුව - කුඩා වන්දනා ගමන් මල්ල

සැහැල්ලුව - ඕනැම අයෙක් සිරිපා කරුණා කරනව විට රැගෙන යන වන්දනා ගමන් මල්ල මෙලෙස හඳුන්වයි.

කිරිකෝඩු - පළමුවරට සිරිපා වන්දනා කරන්නා

දඩු කොඩු -වයසට ගොහින් පළමුවර සිරිපා වන්දනා කරන්නා

නඩේ - වන්දනා කණ්ඩායම

නඩේගුරා - කණ්ඩායමේ ප්‍රධානියා

පැගිරි - දෙහි

 ගඟුල බානවා - වැස්ස වහිනවා

කෝඩෙ - මීදුම

කාලපන්දම - රාත්‍රිය ආලෝකය ලැබීම පිරිණ ගිහි දැල්වීම හෝ හුලු අතු එළිය

අම්බලම - නවාතැන්පොළ

හැරමිටිපාන - කෝඩුකාරයන් හැරමිටි ගෙනවිත් තබන ස්ථානය

ගෙත්තම්පාන - කෝඩුකාරයන් නුල් ඇදීමෙන් ගෙත්තම් කල ස්ථානය

පද්මේ කරුණාකරනවා- ශ්‍රී පතුල වඳිනවා.

කටකම සෙයියාව - කටපරිස්සම් කරගන්නවා

සීත ගඟුල - සිරිපා වන්දනාකරුවන් අත්පා දොවා ඇඟ පිරිසිදු කරන දිය දහර

මහගිරදඹය - ශ්‍රී පා මළුවට යෑමට පෙර නැගිය යුතු දුෂ්කර ප්‍රදේශය

ලීහිහෙළ - ලීනි අක්කා නැමැති ස්ත්‍රිය වැටි මියගිය හෙළ

වල්මත් වනවා- පාර වරදිනවා

කරුණාවයි කරුණාවයි - ඉඩදෙන්න ඉඩදෙන්න

ගමන් සැහැල්ලුව - වන්දනාකරුවන් රෙදිවලින් තනාගත් ගමන් මල්ල මෙය උරයට දමා ගත් විට දවසට අවශ්‍ය බර පහසුවෙන් දරාගත හැකිය .

සංහිදේ - ගමන් මාර්ගය

සර්දාව - භක්තිය /භැතිය

බීරුව පාත්වෙනවා - වහිනවා