gossiplanka image 1
 


කෙම


අවපසළොස්වක (අමාවක) දිනයක පාන්දර කාක්කා අඩන්නට පෙර කළුවරේ ගොස් බුලත් වැලකින් කතා නො කර බුලත් කොළ නවයක් කඩාගෙන පැමිණ කළු නූලකින් ඔතා අදාළ නිවසේ වහලයට උඩින් විසිකරනු. එ විට සතුරු ලෙස රැදී සිටින නිවැසියෝ නිවස අතහැර පලා යති.


එහි විද්‍යාත්මක පදනම


අයුක්ති සහගත ලෙස නිවසක බලෙන් රැදී සිටින පදිංචිකරුවන් පිට මං කිරිම සඳහා පමණක් කළ යුතු මෙම කෙමට සූදානම් විය යුතු කාලය අළුයම කාක්කා අඩන්නට පෙර එළඹෙන හෝරාව ය. එය රාත්‍රියේ එළඹෙන අළුයම් කාලයේ සක්‍රියම අවස්ථාව බව මෙහි වෙනත් තැනක ද සඳහන්ව ඇත. සකලවිධ තුරුලිය ජීවයෙන් පෝෂිත ව පවතින එම හෝරාව බුලත් වැලට ද පොදු ය. ශාබයක් හැටියට සිය ජීවගුණය හා ශක්තිය උපරිම අන්දමින් වර්ධනය වී ඇති එම කාලය තුළ බුලත් කොළ නවයක් කඩා ගත යුත්තේ එ මගින් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම සඳහා ය.


තව ද බුලත් කොළ නවයක් ම කඩාගත යුත්තේ එම සංඛ්‍යාවේ ගුප්ත විද්‍යාත්මක අගයක් පවතින බැවින් යයි සිතිය හැකි ය. යන්නට එන්නට තැනක් නැති මිනිසුන් නිවසක බලෙන් රැදී සිටියත් ඔවුහු එළවා දැමීම යුක්ති යුක්ත දැයි විමසා බැලීම ඔබට පවරමි. ඒ පිළිබඳ ව ඉගියක් බුලත් කොළ එතීම සඳහා භාවිතා කරන කළු නූලෙන් ගම්‍යමාන වේ. බොහෝ අවස්ථාවල දී යන්ත්‍ර මන්ත්‍ර හා ගුප්ත විද්‍යාත්මක වැඩ කටයුතු සඳහා කළුනූල් භාවිතා කරන අයුරු දැකිය හැකි ය. ඊට හේතු ව කුමක් ද යන්න ගැඹුරින් විමසා බැලිය යුත්තකි. විශේෂයෙන් කෙම් ක්‍රම සඳහා සූදානම් වීමේදීත්, ඒවා ක්‍රියාවට නැංවීමේදීත් කතා නො කර එය ප්‍රායෝගික කරණයට බඳුන් කිරීම සම්මත චාරිත්‍රයකි. කතා කරන විට නිකුත් වෙන ශබ්ද තරංග කෙම බල ගැන්වීමට හානියක් වෙතැයි පැරැන්නෝ සැළකුවා විය හැකි ය.  බුලතේ බලයත්, කළුනූලේ අයහපත් බවත්, ගුප්ත විද්‍යාත්මක අංකයක් සතු බලයත් ඒකාරාශී වී ඇතිවෙන අදෘශ්‍යමාන බලවේග යක් අදාළ නිවසේ පදිංචිකරුවන් වෙත එල්ල කරනු ඇතැයි උපකල්පනය කළ හැකි වුව ද, එය කොතෙක් දුරට ප්‍රායෝගික දැයි නිශ්චය කිරීම අසීරු ය.