gossiplanka image 1
 


මිණි මිණි පොදේ ලා අඳුරේ

තෙමී තෙමී ගියදා

ඉදහිට අදත් සිහිවෙනවා

සිරිපොද දැකලා....


ආසිරි මල් වරුසාවේ

නැහැ අපි තෙමුණේ

වැහි සිරි බලන්නට ඔබ නෑ

අද කුඩ සෙවණේ.....


මිණි මිණි පොදේ.........


මා හෙලු කඳුළැලි පුරවා

වැහි කළු ඒවී

ඔබෙ පාමුල මුතු වරුසා

විසිරී යාවී......


පද රචනය - ලූෂන් බුලත්සිංහල

ගායනය - නිරංජලා සරෝජිනී

සංගීතය -එච්.එම්. ජයවර්ධන