gossiplanka image 1
 


1. දිනපතා ශරිර උෂ්ණත්වය මැනීම : - දිනපතා පාන්දර තේ එකක්වත් බීමට පෙර ඇදේදීම උෂ්ණත්වමානයක් මගින් ශරීර උෂ්ණත්වය මැනීම මගිඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් පිටවීම අනුමාන වශයෙන් දැනගත හැකියි. ඩිම්බණීහරණයේදී සිරුරේ උෂ්ණත්වය සෙන්ටිග්‍රෙන්ඩ් අංශක 0.2 කින් හෝ ෆැරන්හයිට් අංශක 0.4 කින් ඉහළ යයි. ශුක්‍රාණු වලට දින 5ක් පමණ පැලෝපීය නාලය තුළ ජීවත් විය හැකි වුවත් ඩිම්බණීහරණයෙන් පසු ඩිම්බයකට ජීවත් විය හැක්කේ පැය 12 - 24 කාලයක් පමණි. දරු පිළිසිඳ ගැනීමක් සඳහා  ඩිම්බණීහරණය සිදු වී සිරුරේ උෂ්ණත්වය ඉහළ ගොස් පැය කිහිපයක් ඇතුළත සංසර්ගයේ යෙදීම ඵලදායක වේ.


2. ගරිභාෂයේ ඇතුළත බිත්තියේ කොටසක් අන්වීක්ෂයෙන් පරික්ෂා කිරීම.


3.පසු සංසර්ග පරික්ෂණ (Post - coital Test)


ඩිම්බණීහරණය සිදු වූ කාලසීමාවේදී සංසර්ගයේ යෙදීමෙන් පැය කිහිපයකට පසු පරික්ෂාවට ලක්වන කාන්තාවගේ යෝනි මාර්ගය හරහා ගර්භාෂයේ ගෙලෙහි ලබාගන්නා ශ්‍රාවයන් අන්වීක්ෂයෙන් පරික්ෂා කිරීම මෙහිදී සිදු කෙරේ. එම ශ්‍රාවය තුළ ශුක්‍රාණු හොඳින් ක්‍රියාකාරිත්ව පිහිනයි නම් ගැටළුවක් එහිද නැත. මෙය ඉතාමත් සරල වේදනාකාරී නොවන පරීක්ෂණයකි.


රබින්ගේ පරික්ෂය (Rubins Test)


මෙහිදී උපකරණයක ආධාරයෙන් ගර්භාෂය තුළින් වායුවක් යවා එය පැලෝපීය නාලය හරහා උදර කුහරය තුළට මුදා හැරෙන අයුරු වෙද නලාවක් මාර්ගයෙන් වෛද්‍යවරයා විසින් සවන් දෙනු ලැබේ. පැලෝපීය නාලයන් අවහිර වී ඇත්නම් වායුවේ පීඩනය වැඩි වන අතර වෛද නලාවට වායුව මුදා හැරෙන ශබ්දය නොඇසේ. මෙයද බොහෝ විට කෙරෙන්නේ නිර්වින්දනය යටතේය.


හිස්ටෙරෝ සැල්ලිගො ග්‍රැෆි


Hystero Salphingo Grapy හෙවත් HSG පරීක්ෂණය ගර්භාෂයේ ගෙල හරහා කිරණ පටයට වදින රසායනික සංයෝගයක් විද X කිරණ පටයක් ගැනීම මෙහිදී සිදු කෙරේ. පැලෝපීය නාලයේ හෝ ගර්භාෂයේ අවහිරයක් ඇත්නම් එරේ පටලයේ එය ලෙහෙසියෙන් දැක බලාගත හැක. වේදනාකාරී නොවන මෙම පරීක්ෂණය බොහෝ විට කරන්නේ නිර්වින්දන තත්වයන් යටතේ නොවේ.


ලැපරොස්කොපි පරික්ෂාව


නිර්වින්දන තත්වයන් යටතේ කෙරෙන මෙම පරික්ෂාවේදී පෙකණියට යටින් උදර කුහරය තුළට බටයක් වැනි උපකරණයක් ඇතුළු කර ගභාෂය, පැලෝපීය නාල හා ඩිම්බකෝෂ වෛද්‍යවරයා විසින් ම දැක බලා ගනී. එවිට යම් රෝගී තත්වයක් ඇත්නම් ඔහුට එවෙලේම විනිශ්චය කළ හැක. රෝගී වූ තැනින් කොටසක් කපා ගැනීමට අවශ්‍ය නම් එයද එම උපකරණය මගින්ම කළ හැක. එම උපකරණය මගින් කුඩා සැත්කම් ද කළ හැක.



බලාගෙන යනකොට වඳභාවය පරික්ෂා කිරීමත් එසේ මෙසේ වැඩක් නොවෙයි. හොඳයි, පරික්ෂණ පවත්වල වඳභාවයට හේතුව සොයා ගතැයි කියමුකො. සාර්ථක ප්‍රතිකාර ක්‍රමත් තියෙනවද?


මෙපමණ පරික්ෂණේ කරලත් සියයට (10%)ක පමණ දෙනාගේ වඳභාවයට හේතු සොයා ගැනීමට බැහැ. සමහර අය සියයට 5ක් පමණ පරික්ෂණ පවත්වාගෙන යන කාලසීමාවේදී ගර්තභනී වෙනව. එයට හේතුව ඔවුන්ගේ මානසික කණස්සල්ල නැති වී යාම වෙන්නට පුළුවනි. ප්‍රතිකාරය, හේතුවට අනුවයි. කාන්තාවන්ගේ වදභාවයට හේතුව ඩිම්බණීහරණය නිසි කලට නොවීම නම් එයට ඉතා සාර්ථක ලෙස හෝමෝන ඖෂධ වර්ග මගින් ප්‍රතිකාර කළ හැකියි.  කායික අස්වාභාවිකතාවයන් නිවැරදි කිරීමට හා ගෙඩි ඉවත් කිරීමට ශල්‍යකර්ම කළ යුතුයි.  ශුක්‍රාණු අඩු නම්, පිරිමින්ගේ ශුක්‍රාණු වර්ධනය වීමට හෝක්ලෝන් ප්‍රතිකාර පෙති හෝ නික්ෂේපණ මගින් ලබාදීම කළ යුතුයි. ඉන්පසුවත් ශුක්‍රාණු වර්ධනය අඩු නම් පුරුෂයාගේ ශුක්‍රාණු බටයක් මාර්ගයෙන් කෙළින්ම ගර්භාෂයට ඇතුළු කරනු ලබයි. සැමියාගේ ශුක්‍රාණු මගින් කෘත්‍රිම සංසේචනය (Artificial Insemination by Husband) AIH යනුවෙන් හඳුන්වනු ලබයි. පුරුෂයාගේ ශුක්‍රාණු වර්ධනය නොවේ නම් වෙනත් ශුක්‍රාණු දායකයෙකුගෙන් ගෙන කෘත්‍රිම සංසේචනය සිදු කළ හැක. මෙය හඳුන්ව න්නේAID හෙවත් (Artificial Insemina tion by Doner) යනුවෙනි.


නළ දරුවන් බිහිවන්නේ ස්ත්‍රියගේ ඩිම්බ කෝෂයෙන් ලබාගත් ඩිම්බයක් සමග ශුක්‍රාණුවක් පරීක්ෂණාගාරයේදී සංසේවනය කොට හටගන්නා යුක්තානුව (කළලය) නැවත ඇයගේ ගර්භාෂ තුළ තැන්පත් කිරීමෙනි. වඳභාවය හේතුව විෂබීජ මගින් ආසාදනය වීමක් නම් ප්‍රතිජීවක මගින් ප්‍රතිකාර කළ යුතුයි.

හේතුව මානසික එකක් නම් ඒ සඳහා කළ යුත්තේ මානසික ප්‍රතිකාරයකි.

පොදු වශයෙන් බැලූ කල කාන්තාවන්ගේ ගැටලු සඳහා කරන ප්‍රතිකර්මය පිරිමින්ගේ ගැටලු සඳහා දෙනු ලබන ප්‍රතිකාරවලට වඩා සාර්ථකය.