දෙමහල් වෙළඳ සංකීර්ණයේ උඩු මහලේ සිට නිකරුණේ ගත කළ අයෙකු පහළට විසිකළ දුම්වැටි කොටය පහත සිටි කාන්තාවකගේ හැට්ටය තුළට වැටී අලි ජංජාලයක් වූ පුවතක් දකුණේ ප්‍රසිද්ධ නගරයකින් වාර්තාවේ. හේ එම වෙළඳ සංකීරණයේ පාලු කපන කණ්ඩායමේ සාමාජිකයෙකි. ඔහු නිතරම සිටින්නේ උඩ ය. කාගෙන් හෝ දුම්වැටියක් උරන්නට ඔහු පුරුදුව සිටියේ අද ඊයේක නොවේ. කාලයක් තිස්සේ සිටම ඔහු මේ ක්රියාවේ යෙදී සිටින්නේය. උරන දුම් වැටියේ කොටය උඩු මහලේ සිට ඔහු බිමට දමන්නේ කිසිදු වග විභාගයකින් තොරවය. එදාත් වෙළඳ සංකීර්ණයේ උඩු මහලේ සිටි ඔහු දුම්වැටියක් උරා එහි කොටය බිමට දැම්මේ පුරුද්දට මෙනි. ඒ සමගම “බුදු අම්මෝ පිචෙනවෝ" යි කාන්තාවක් සිය ළැම ප්‍රදේශය අල්ලාගෙන මර ළතෝනියක් දුන්නාය. ඇයගේ ළැම ප්‍රදේශයෙන් දුමක්ද නගිමින් තිබිණි. ඒ සමගම පහත මාලයේ වෙළඳාමේ සිටි අය වතුර ගසා ඇයගේ ළැම ප්‍රදේශයෙන් නැගි දුම නිවා දැමූහ.
සිය ළැම ප්‍රදේශයේ හදිසි ගින්නක් ඇති වූයේ කෙසේද යන්න ඇයට මෙන්ම එතනට රැස්වූ අයට මහත් ප්රහේළිකාවක් විය. ඒ නිසාම මේ කාන්තාව ජනශුන්‍ය ප්‍රදේශයකට ගොස් සිය හැට්ටය අස්සට අත දමා ගිනි ගත් දෙය සෙව්වාය. ඒ සමඟම ඇයගේ අතට හසු වූයේ නිවී ගිය සිගරට් කොටයකි. සිදුවූ දේ තේරුම් ගොස් ඇය දුම්වැටි කොටස බිමට දැමූ කෙනා සෙව්වමුත් ඒ වන විටත් ඔහු එම ස්ථානයෙන් පලා ගොස් හමාරය.
Comments
Post a Comment