පෞද්ගලික බසයක යමින් සිටි තරුණ පෙම්වතෙකු තම පෙම්වතිය සමග පවසන ආදර බස් වීඩියෝ කිරීමට ගිය කැමරා ශිල්පියකු බලාපොරොත්තු නොවූ අකරතැබ්බයකට මහුණ දුන් පුවතක් සත් කෝරළයට අයත් ප්‍රදේශයකින් වාර්තා විය. පෞද්ගලික බස්රථය මගීගත් පිරි තිබුණි. එහි පිටුපස අසුනේ තරුණ පෙම්වතියක් සහ තරුණ පෙම්වතෙක් ආදර බස් දොඩමින් එකිනෙකාට තුරුළුව සිටියහ. මේ දෙදෙනා වරක හයියෙන් සිනාසෙමින්ද තවත් වරක උසුළු විසුළු කරමින්ද ගමින් කරන ආකාරය සෙසු මගීන්ගේ නිදහසට බාධාවක් විය.
මෙම බස් රථය තුළ විඩියෝ කැමරා ශිල්පියෙකුද සිටීයේය. ඔහුට මේ දසුන මහත් හිසරදයක් විය. වහා ඔහු තම බැගය විවර කොට කුඩා විඩියෝ කැමරාවක් එළියට ගත්තේය.
එම කැමරාව ක්‍රියාත්මක කරමින් මොහු බස් රථය තුළ එහාට මෙහාට ඇවිදිමින් පෙම්වතාගේ හා පෙම්වතියගේ දසුන් විඩියෝ ගතකළේය. ටීක දුරක් යනවිට පෙම්වතාට යකා නැංගේයි. ඔහු කැමරා ශිල්පියාට සැෂරත් කතා කළේය. පසුව කැමරාව උපුරා ගෙන ඩස්රථෂයේ කවුර්‍වෂවත් එළියට විසි කළේය. කැමරා ශිල්පියාගේ විඩියෝ ගත කිරීමේ වැඩසටහන ඒ අනුව නිමාවට පත්විය. පසුව කැමරා ශිල්පියාට තමත් අතින් සිදුවුහ අසාධාරණය ගැන සංවේදී වී අලුතෙන්ම කැමරාවක් පෙම්වතා විසින් ලබාදී ඇති බව ආරංචි විය.
Comments
Post a Comment