දිනක් ඔහු හමුවට පැමිණි ව්‍යාපාරිකයෙක් තම නිවසේ දෝෂ ඇත්දැයි පරීක්ෂා කරවා ගැනීමට වෙදැදුරුට ඇරයුම් කළේය.
වෙදැදුරු ව්‍යාපාරිකයාද සමග ඔහුගේ නිවෙසට ගොස් නිවෙස පිරික්සීමේදී එය පිටුපස තිබූ ගස්වලින් ගැලවූ මුල් ගොඩක් නෙත ගැටුණි.
ඇත්තටම මහත්තයෝ මේ මුල් වර්ගය මොනවාද? වෙදැදුරු ඇසීය.
මේවා පරණ කැන්ද මුල්. ව්‍යාපාරික පිළිතුරු දුන්නේය.
කැන්ද මුල් මොකටද?
වෙද මහත්මය මම සිංහල බෙහෙත් බඩු සපයනවනේ. ඉතිං රත්හඳුන් වුවමනා වෙලා තියෙනවා. ඒ තරම් රත්හඳුන් නැහැනේ. කැන්ද මුලත් රතුපාටයි. කලවමේ දෙන්න තමයි මේව ගෙනල්ල තියෙන්නේ. ව්‍යාපාරිකයා කීවේ ඇඟපතට නොදැනීය.
අනේ මහත්තයො රත්හඳුන් වෙනුවට කැන්ද මුල් දාල හරියනවද?මට ගේ බලපු සල්ලිත් එපා. වෙද මහතා කේන්තියෙන් පිටව ගියේය.
Comments
Post a Comment