අන්තවාදි ත්‍රස්ත සැකයක් නිසා අනියම් භාර්යාවන් සොයාගිය තිදෙනකු ආරක්‍ෂක අංශවලට හසු වීමේ පුවතක් වෙන්නප්පුව සිරිගම්පල ප්‍රදේශයෙන් වාර්තා විය. අන්තවාදී ත්‍රස්තයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ප්‍රදේශයේ ජනතාව දැනුවත් කර සිටීම හිසා ඉකුත් දිනෙක රාත්‍රියේ කළු ඇඳුමින් සැරසුණු තිදෙනෙක් සිරිගම්පල ජනපදයේ ස්ථාන 3 ක සැක කටයුතු අන්දමින් ගැවසෙන බව ආරක්‍ෂක අංශවලට ලැබුණු දැනුම්දීමක් මත වහා පියවර ගැනීමට කටයුතු කර තිබේ.
විශාල ජනපදයක් වු සිරිගම්පල පුදේශයේ ස්ථාන 3 ක් ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් යොදවා සිදු කරනු ලැබු සෝදිසි මෙහෙයුමකදී තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔවුන් සිය අනියම් භාර්යාවන් සොයා යාමෙදි මෙලෙස ආරක්‍ෂක අංශවලට අසුවු බව හෙළිවී තිබේ. ත්‍රස්ත ප්‍රහාරයට පෙරත් මෙම පුද්ගලයන් රාත්‍රී කාලයේ මෙලෙස අනියම් භාර්යාවන් සොයායන බවත් ත්‍රස්ත ප්‍රහාරෂයන් පසුව ජනතාව අවධානයෙන් සිටීම හිසා මෙලෙස දැක ආරක්‍ෂක අංශවලට දැනුම් දී තිබේ. මෙවන් අවදානම් අවස්ථාවලදී හොර ගමන් නවතා නිවෙස්වලට වී සිටින ලෙස දැඩි ලෙස අවවාද කර ඔවුන් මුදාහැර ඇත.
Comments
Post a Comment