gossiplanka image 1
 


කාර්යාලයක සේවය කරන ලිපිකරුවා පලතුරු සලාදයක් සෑදූ පුවතක් මෙසේය. ලිපිකරුවා ආපනශාලාවකට ගොස් උදේ ආහාරයක් සප්පායම්ව පිටතට එන විට එහි එල්ලා තිබූ ඉදුණු කෙසෙල් කැනක් දුටුවේය. කාර්යාලයේ මිතුරන් දෙදනාටත් තමාටත් කෙළසල්පල්ගෙඩ් තුනක්ද මොහු මිලයට ගත්තේය. කෙසෙල් ගෙඩි කවරයද කලිසම් සාක්කුවේ දමාගෙන අතේ දෙකට නැවූ කුඩයට ගෙන බසයක් එනතුරා මග බලා සිටයේය. ඔහුට යා යුතු රථය ඈතින් පැමිණියේය. බසයට අත අල්ලද්දී බසය ඈතට ගොස් නතර වුයේය. ලිපිකරුවා කළිසම් සාක්කුවට කුඩයද ඔබාගෙන මේ  බසයට නැග ගත්තේය.


කාර්යාලය ළඟින් බැසගත් ඔහු ඉක්මණින් කාර්යාලයට ගියේ රතු ඉරට පෙරාතුවයි. ඔහු තම කාමරයට ගොස් මිතුරන් දුටු විට ඔහුහට ගෙන ආ කෙළස ගෙඩි ඔහුට සිහිපත් විය. ඔහු සාක්කුවේ තිබු කුඩය අතට ගෙන සාක්කුවේ අත දැම්ම කෙසෙල් ගෙඩි මිතුරට දීමටය. සාක්කුවේ එකම එකම තලපයකි. කුඩයට හිරව කෙසෙල් ගෙඩි තලපයක් වී තිබුණේ කලිසම් සාක්කුවම පලතුරු සලාදයක් වෙමිනි. ලිපිකාර මහත්මයා පතුරු සලාද හැදුවේ එසේය.