ඒත් මචන් මෙච්චර ගෙඩි ගොඩක් නිකන් දුන්නම මිනිහට පාඩු නැද්ද තවකෙක් විමසුවේ අඟල් හයක් පමන දිග කපන ලද ඇම්ඹුන් ගෙඩියක් අනුභව කරමිනි.
කෙසෙල් සල්ලි වලට ගන්නේ කුණූ කොල්ලයටනේ මිනිහට අපි ගැන දුක හිතෙන්න ඇති. පාරේ ප්‍රැක්ටිස් කරන නිසා.
අයෙක් පැවසීය.
නොබෝදා උදේම පැමිණි පාපැදිකරුවන් මොකද අද කඬේ වසා තිබෙනු දැක එතැන සිටි ගෝලයාගෙන් මොකද අද කඬේ වහලා අපිට තමයි පාඩු යැයි විමසීය.
මුදලාලි මගුල් ගෙදරකට ගමේ ගියා ආපහු එන්නේ අනිද්දා. ගෝලයා කීය.
හරි හොඳ මුදලාලි නේද මල්ලි අයෙක් පැවසූ විට මොන හොඳක්ද මට උදේ කෑම දෙන්නෙත් එකොළහ පහු උනාම. මාත් අස්වෙලා ගෙදර යන්න ඉන්නේ. ගෝලයා කීය.
ඒ උනාට මුදලාලි අපිට නම් හොඳයි. බලන්නකෝ කැපුණු කෙසෙල් ගෙඩි විස්සකට වැඩිය අපට නම් නිකන් කන්න දෙනවානේ. එක් පාපැදිකරුවෙක් පැවැසුවේ මුදලාලිව වර්ණනා කරමිනි.
එය ඇසූ ගෝලයාට බකස් ගා හිනා ගියේය. මොකද හිනා වෙන්නේ ඔවුන් විමසූ අතර ඔය කපලා තියෙන කෙසෙල් ඔක්කොම මීයෝ කාපුවා ඒවා තමයි අයියලාට දෙන්නේ. ගෝලයා කාරණය පැහැදිලි කළේය.
ඊයා පාපැදිකරුවෙක් කීවේය. අපි ඔච්චර කල් කාලා තියෙන්නේ මීයෝ කාපු කෙසෙල්නේ. අපිට මහ මාරිය හැදෙයිද දන්නෙත් නැහැ. මල්ලි ඇත්ත කීවාට ඔයාට ගොඩක් ස්තුතියි ඔවුන් එතැනින් පිටවූයේ බිමට කෙළද ගසමිනි.
Comments
Post a Comment