දුනගහ ප්‍රදේශයේ පදිංචි ආරක්ෂක නිලධාරියකුගේ නිවෙසකට රාත්‍රී කාලයේ පාරේ ගමන් කරමින් සිටි බීමත් පුද්ගලයෙක් පැමිණියේය.ඔහු පැමිණෙන විට ආරක්ෂක නිලධාරියා නිවෙසේ දොර ජනෙල් වසා දමමින් සිටියේය.
අනේ රාලහාමි මම අපේ මල්ලිගේ ගෙදර යනවා. පාරේ හපන බල්ලෙක් ඉන්නවා. මට බේරිලා යන්න පොලු කැල්ලක් දෙන්නකො.ආරක්ෂක නිලධාරියා ඔහුට පොලු කැබැල්ලක් දුන්නේය. හරි රාලහාමි මම යන්නම් බුදු සරණයි. ඔහු යන්නට ගියේය. ආරක්ෂකයාගේ පවුලේ අයත් නින්දට ගියහ. රාත්‍රියේ බල්ලකු කෑ ගසන හඬ ඇසුනත් ඔවුහු ඒ ගැන නොබැලූහ. පසුදා අලුයම අවදිව බලද්දී ආරක්ෂකයාගේ නිවසේ බල්ලා කකුලක් කැඩී බිම වැටී සිටියේය. ආරක්ෂකයා සොයාදුන් පොල්ලෙන්ම බීමත් මිනිසා ආරක්ෂකයාගේ බල්ලාටම පහර දී ඇතැයි පසුව හෙළි විය.
Comments
Post a Comment