මෝටර් රථය පිටුපසින් පැමිණි පාපැදියක් නතර කර ගැනීමට නොහැකිව මෝටර් රථයේ ගැටීමෙන් එහි පිටුපස ලාම්පු ආවරණය හානියට පත්විය. එයින් කෝපයට පත් මෝටර් රථය පදවාගෙන පැමිණි තැනැත්තා මෝටර් රථයෙන් එළියට පැමිණ “තමුසෙ මොකක්ද කරන රස්සාව. මේකෙ අලාභය රුපියල් 50,000ක් විතර වෙනවා. අලාභය ගෙවන්නෙ නැත්නම් එනව යන්න පොලිසියට. තමුසේ දන්නවද මම කවුද කියලා” කියමින් පාපැදිය පැදගෙන පැමිණි කොලු ගැටයාට තර්ජනය කරන්නට වූයේ අලාභය ගෙවන ලෙස බල කරමිනි.
“මම රස්සාවක් කරන්නෙ නැහැ. ලැබුණ දවසට කුලී වැඩක් කරල ජීවත් වෙනවා. පොලිසි ගියත් මහත්තයගෙ අලාභය කුලී වැඩක් ලැබුණ දවසට ටික ටික ලැබෙන හැටියට තමයි ගෙවන්න වෙන්නෙ. මහත්තයා වාහනේ ඉස්සරහ ඉන්න නෝනගෙ ඩැයිවර් බව මම දන්නවා” යයි කොලු ගැටයා බයාදු ලෙස පිළිතුරු දෙනු ලැබිණි.
මහත්තයා වාහනයේ ඩ්‍රැයිවර් යයි පැවසීම නිසා ලැජ්ජාවට පත් වාහනයේ පැමිණි තැනැත්තා “තමුසෙට හෙන ගහන්න ඕන” යයි අවලාද නගමින් අලාභයත් අයකර නොගෙනම වාහනයේ නැගී පිටව ගොස් තිබිණි.
Comments
Post a Comment