‘ඡන්ද කාඞ් පත් ටික ගත්තාදැයි පියා විමසූ විට බිරිඳ පුතාට කීවේ එය මේස රෙද්ද යට ඇති නිසා වහාම රැගෙන එන ලෙසටය. දිග ලියුම් කවරයක දමා තිබූ ඡන්ද කාඞ්පත් ගෙනා පසු කවරය තුළට එබී බැලූ මව “හරි යං” කීවාය.
සිවුදෙනාම ඡන්ද මධ්‍යස්ථානයට ගිය විට පෝලිම් වැට ඇතත් කිසිවකු නොවූයෙන් කඩිනමින් ඉදිරියට ගිය පියා ඡන්ද කාඞ්පත් නිලධාරියාට දුන්නේද කලබලයෙනි. එය අතට ගත් නිලධාරියා විමතියට පත්ව මේවා විදුලි බල මණ්ඩලයට ගිහින් දීලා ඡන්ද කාඞ්පත් අපට දෙන්න කීවේ සිනාසෙමිනි. ඡන්ද කාඞ්පත් වෙනුවට ඔවුන් ගෙනැවිත් තිබුණේ විදුලි බිල්පත් කිහිපයකි.
මෙය දුටු සහකාර ස්ථානාධිපතිවරයා “කාඞ් නැතිවුණාට කමක් නෑ. ඡන්දය දෙන්න පුළුවනි” කීවත් පියා සිය බිිරිඳට බැණ වදිමින් දිවගොස් ත්‍රිරෝද රථයට නැග්ගේ’ මං ඉක්මනට කාඞ් ටික අරගෙන එන්නං” කියමින්ලු.
Comments
Post a Comment