රැකියා ස්ථානයේ යෙහෙලියන් කිප දෙනෙකු සමඟ බෝඩිමක නතර වී සිටි ඇය පසුගිය දා නිවසට ආවත් හදිසි කොරෝනා ඇඳිරි නීතිය නිසා සේවයට යා නොහැකිව නිවසටම වී සිටියේ මහත් පාළුවකිනි.
නිවසේ දිනපතා කෙරෙන ආගමික කටයුතු වලටවත් සම්බන්ධ නොවී සංකර ලෙස හැසිරෙන ඇය පිළිබඳව ආච්චි (පියාගේ මව) තුළ වූයේ මහත් නොමනාපයකි.
ඇය එදින උදෑසන තම ජංගම දුරකථනයෙන් ආයතනයේ යෙහෙලියක් ඇමතුවේ පැටියෝ කියමිනි. කීප වරක්ම ‘අනේ පැටියෝ, ඔව් පැටියෝ’ කීම නිසා කෝපයට පත් ආච්චි මිනිබිරියගේ කාමරයට රිංගා ‘පැටියා කියන්නේ බං බලු පැටියෙක්ද? බළල් පැටියෙක්ද? ඇසුවේ උස් හඬිනි’ ‘අයියෝ අත්තම්මා එයාට ඇහෙන්නත් ඇති’ කී ඇය වහාම දුරකථනය විසන්ධි කළත් එය යෙහෙලියට ඇසී තිබිණ.
අක්කාගේ සංකර වැඩට කවදත් එරෙහි මල්ලී ‘කමෝන් ආච්චි’ කියාගෙන ඇය අසලට ගිය විට ඇගේ රතු ඉර පැන්නාලු.
Comments
Post a Comment