මෙවර දේශපාලන පක්ෂයකින් තමන්ට අහඹු ලෙස ලැබුණු අවස්ථාවෙන් ඵල ප්‍රයෝජන ගැනීමට සිතූ මොහු ඡන්ද දායකයන්ගෙන් මනාපය ලබා ගැනීමට මේ අලුත් මැතිවරණ රටාවට නැඹුරු වී සිටි බව ගම්වාසීන් හා ඡන්ද දායකයන්ගෙන් පසුගිය දිනවල අනාවරණය විය. බොහෝ අපේක්ෂකයන් මෙවර සිය ඡන්ද දායකයින්ට ආහාර පාන සහ විවිධ බඩු බාහිරාදිය බෙදාදීමෙන් මනාප පොරයෙහි නියලුණු අවස්ථාවක මොහු තමාට දේව වරමක් හිමි බවත් දෙවියන්ගේ ආශිර්වාදය තමාගේ ජයග්‍රහණයට හිමිවන බවත්, තමාට මනාපය ලබා දෙන සියලුම දෙනාට සෙතක් ශාන්තියක් හිමි වන බවත් එසේ නොකරන අයට දෙවියන්ගේ ආශිර්වාද හිමි නොවන බවත් ඇතැම් විට දෙවියන් විසින් දඬුවම් පවා ඔවුන්ට ලබාදීමට ඉඩ ඇති බවත් ඔහු සිය හිතවතුන්ට පවසා ඇත.
මනාපය ඉල්ලා සිය නිවෙස්වලට පැමිණි අදාළ අපේක්ෂකයාටත් දේශපාලන සගයන්ටත් ගම්වැසියන් බොහෝ දෙනෙකු පවසා ඇත්තේ දේව වරමක් සහ දේව ආශිර්වාදයක් තමාට හිමි නම් ජනතාවගේ මනාපය නොමැතිව දේව මනාපයෙන්ම මෙවර ජයග්‍රහණය කර පෙන්වන ලෙසය.
Comments
Post a Comment