මේ පුද්ගලයාට එය ජයග්‍රාහී රාත්‍රියක් විය. තබන තබන ඔට්ටුව ඔහුට ජය ගෙනෙන්නට විය. ඒ වන විට ඔහු රුපියල් ලක්ෂ තුන හමාරක මුදලක් දිනා තිබුණි.
සූදු පොළට පොලිසිය කඩා පැන ඇත්තේ එවැනි අවස්ථාවකය. සූදු කරුවෝ සී සී කඩ පැන දිවූහ. ඔහු ද එලෙස පැන ගොස් දිනා සිටි මුදල් කුඩා වන ලැහැබක පඳුරක් යට සඟවා ඇත්තේ පොලිසියට කොටු වුවත්, මුදල් ඉතිරිවේ යන අදහසිනි. මුදල් සඟවා ඔහු ලැහැබේ ඇතුළට ගොස් සැඟවී ඇත.
පොලිසිය පිටව ගොස් ඇති බව දැන ගත් ඔහු කැලෑවෙන් එළියට පැමිණ මුදල් සඟවා තැබූ පඳුර සොයන්නට විය. පැය ගණනක් සෙව්වද පඳුර සොයා ගැනීමට ඔහුට නොහැකි වී තිබේ. තරමක් මත්පැනින් පදම්ව සිටි බැවින් අමතක වන්නට ඇතැයි සිතා ඔහු නිවසට ගොස් තිබේ.
පසු දින උදේ ද පැමිණ මුදල් සැඟවූ පඳුර සෙව්වද ඒ උත්සාහයද අසාර්ථක විය. ඔහු පේන කියන අයෙකුගේ සහාය පැතීමට ගොස් ඇත්තේ තවත් මුදල් ප්‍රමාණයක් ද වියදම් කරමිනි.
පේනකරු අඳුනෙන් මුදල් සැඟ වූ පඳුර සොයා ගත්තේය. දෙදෙනාම ඒ ස්ථානය සොයා ගියහ. එහෙත් පඳුර මිස සූදුවේ දිනුම සොයා ගැනීමට ඔහුට නොහැකි විය.
Comments
Post a Comment