ඒ උත්සහාය හරි ගියේ දුර පළාතක වාසය කළ ඔහුගේ හිතවතකුගෙන් ක්‍රියාවිරහිත සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් ලැබීමත් සමගමය. ඔහු එය හිතවතාගෙන් ඉල්ලා ගෙන තිබුණේ සිය පුතාගේ පරීක්ෂණයක් සඳහා යයි කියමිනි. එසේ ලැබුණු කැමරා පද්ධතිය සිය වෙළඳ සලේ සවිකර ඔහු ආරක්ෂිත කැමරා පද්ධතිය සක්‍රීය යයි දැන්වීම් පුවරු ද සවි කළේය. ඒ සමගම වෙනදා වෙළඳ සලේ සිදුවූ සියලු සොරකම් නතරවී ගියේය. ඔහුට එයින් ලොකු සතුටක් දැනුනේ මේ අවස්ථාවේදීත් තමාගේ මොළය නිසා වියදමක් නැතිවම වෙළඳ සලට ආරක්ෂාව ලැබීම පිළිබඳවය. එම වෙළඳ සල ඉදිරිපිට දී කාන්තාවකගේ ගෙළ පැළඳි රන් මාලයක් කඩා ගන්නේ කැමරා පද්ධතිය සවිකර ටික දිනක් යෑමට මත්තෙනි. එහි සැකකරුවා අත්අඩංගුවට පොලීසිය ඔහුගේ වෙළඳ සලේ එදින සී.සී.ටී.වී. දත්ත ඉල්ලන්නේ ඔහුට දවල් තරු පෙන්වමින්ය.
මේ ප්‍රශ්නයේ දී ඔහු දෙලොවක් අතර හිර වන්නේය. ඒ නිසාම ඔහු පොලීසියට සත්‍ය වසත් කරන්නේය. තමා කැමරා පද්ධතිය සවි කරන්නේ සිය වෙළඳ සලේ ආරක්ෂාවට පමණක් බව කියමින් දත්ත කාටවත් ලබාදිය නොහැකි යයි පොලීසියට පවසන්නේය. ඒ කැමරා පද්ධතියේ ඇත්ත කතාව පැවසුවහොත් සිය වෙළඳ සලේ සොරකම් ආයෙත් සිදුවීම නොවැලැක්විය හැකි නිසාය. පොලීසිය ඔහුගෙන් කැමරා පද්ධතියේ දත්ත කිහිපවිටක්ම ඉල්ලා සිටියේය. ඔහු ඒ හැම අවස්ථාවකදීම එය දෙන්න බැරි බව පවසමින් මග හැරියේය. අන්තිමේ දී මේ සොරකම අල්ලා ගැනීමට ඔහු උදව් නොකිරීම සම්බන්ධයෙන් පොලීසිය සාක්කි වසන් කිරීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට කටයුතු කළේය. මෙය කන වැකුනු පසු ඔහු කඩිමුඩියේම පොලීසියට දිවගොස් අදාළ නිලධාරියාට සිය වෙළඳ සලේ සවිකර ඇති කැමරා පද්ධතිය අක්‍රිය එකක් බව පැවසුවේ මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ට නම් දැන ගන්නට ඉඩ නොතියන ලෙස ඉල්ලමින් ඔහු ඉදිරියේ වැඳ වැටෙමිනි.
Comments
Post a Comment