එම පැණිබීම බෝතලය ශීතකරණයේ තැබූ ඔහු දින කීපයක් පානය කිරීමෙන් පසු අවසන් විය. නැවතත් එම වර්ගයේම බීම බෝතලයක් රැගෙන පැමිණි ඔහු ඊට මත්පැන් මිශ්‍ර කර තිබුණේ නිවසේ කිසිවකුත් එම බීම පානය නොකරන බව දන්නා හෙයිනි. මේ අයුරින් ඔහු නැවත මත්පැන් බීමට පුරුදුව සිටි නමුත් නිවසේ කිසිවකුත් එය දැන සිටියේ නැත. මාසයකට වැඩි කාලයක් ගතවිය. ගෙවත්තේ වල්පැළ වැවී ඇති බැවින් ඒවා ශුද්ධ පවිත්‍ර කිරීමට ඔහු කම්කරුවකුට පණිවිඩයක් යැව්වේය. දිනකට පසු කම්කරුවා පැමිණි අතර එදින ඔහුට අතිකාල රාජකාරියේදී තිබුණ බැවින් සේවයට ගිය අතර කම්කරුවාට ගෙවත්ත සුද්ධ පවිත්‍ර කරන ලෙස උපදෙස් දී ඔහුට දිවා ආහාරය ද දෙන ලෙස තම බිරියට පැවසීමෙන් පසුවය.
කම්කරුවා වැඩ කරන අතර තුරදි බිරිඳගෙන් බීමට වතුර ටිකක් ඉල්ලා සිටියේය. ඇය තම සැමියා පානය කරන බීම විදුරුවක් කම්කරුවාට ලබාදුන් අතර ඔහු එය පානය කිරීමෙන් පසු මත්ගතියක් ඇති බව දැනි “නෝනා නියම බීමක් තව ටිකක් තිබුණ නම් මරු '” යැයි පැවසීය. කාරණය තේරුම් ගත් ඇය ඉතුරු බීම ටිකත් ඔහුට දුන්නාය. සැමියාගේ උපක්‍රමය ඇයට හසුවීම නිසා එදිනෙන් පසු සැමියාගේ පැණි බීම පානයද නැවතුණි.
Comments
Post a Comment