gossiplanka image 1
 සබරගමුව පළාතේ දැව කර්මාන්තකරුවකු වූ ඔහු පසුගිය දා අක්කර තුනක් පමණ වූ කල් ඉකුත්ව ඇති රබර් වගා කළ ඉඩමක රබර් ගස් කැපීමට ගියේ සේවක පිරිසක් සමඟය. රබර් වත්තේ හිමිකරුවෝ දෙදෙනක් ද එහි වූහ.



රබර් ගස් පරීක්ෂා කරමින් ගිය ඔහුට ඉඩමේ මැද හරියේ තිබෙන ගසේ දෙපැත්තේම කිරි කැපූ අපූරු ගසක් දක්නට ලැබී ඒ පිළිබඳව වත්ත හිමිකරුවන්ගෙන් විමසීය.



‘අපේ තාත්තා ඉඩම අපි දෙන්නට බෙදන කොට මේ ගහ දෙපැත්තේ හරි මැද තිබුණේ. තාත්තා දෙපැත්තට බෙදුණු ඉඩමේ කටු කම්බි ගහගෙන ඇවිත් මේක මැද කම්බි ගැහීම නවත්තලා’ උඹල දෙන්නටම මේ ගහ අයිතියි. ඒ හින්දා කැමැති නං දෙපැත්තෙන්ම කිරි කපා ගනිල්ලා’ කීවා. ඉතිං අයියා ඒ පැත්තේ කිරි කැපුවා. මං මේ පැත්තේ කිරි කැපුවා’ කීවේ සිනා සෙමිනි.



මවිතයට පත් වූ කර්මාන්තකරුවා ‘එහෙනම් මේ රබර් ගහත් එකගෙයි පවුල් කාපු අම්මණ්ඩි කෙනෙක් වගේ.


දෙන්නටම එක විදියටම සළකලා අන්තිමට දර කෝටුවක් වගේ කෙට්ටුවෙලා’ කීවෙන් අයියා සහ මල්ලීත් පැමිණ සිටි සේවක පිරිසත් සිනාසෙන්නට වූවා ලු.