gossiplanka image 1
බෑනාගේ කොරෝනා බෙහෙතෙන් නිදන්ගත රෝග පවා සුව වූ මාමණ්ඩියක පිළිබඳව පිටිසර ප්‍රදේශයකින් වාර්තා විය.සිද්ධිය මෙසේය. ඔහු මත් වතුර වලට තදින් ඇබ්බැහි වූ පුද්ගලයකි. කොරෝනා   වසංගතය නිසා බාර් වසා ඇති බැවින් සිටියේ දැඩි කනස්සලෙනි. ඔහු අරක්කු පානය කළද කිසි දිනෙක නිවසට ඒවා ගෙන නොයන් රිනේ බිරිඳට අසු වූ විට පොළොවේ ගසන බැවිනි. එම නිසා ඔහු නිවසට පැමිණෙන අතරමගදී ම වතුර බීමෙන් පසුවය. මේ දිනවල ඔහුට පවතින මත් වතුර හිගකම පිරවීම සඳහා ඔහුගේ මිතුරෙකු විසින් ඔහුට කසිප්පු පෙරා දී  තිබේ.


මිතුරා ඈත ගමක නිසාත් පවතින සංචරණ සීමා නිසා එහි යාමට නොහැකි නිසාත් ඔහු මේ සඳහා උපායක් යොදා තිබේ. දිනක් ගැලුමක් රැගෙන පැමිණි සැමියාගෙන් බිරිඳ මේ මොනවාද යැයි ඇසූ විට ඔහු පවසා ඇත්තේ මේ කොරෝන්නා පැණියක් බවත් රැකියාවට යන නිසා පානය කිරීමට මිතුරෙකු ලබා දුන් බවත්ය. දිනක් ඔහු රැකියාවට ගිය අවස්ථාවක බිරිඳගේ පියාට දැඩි සෙම් ගතියක් හා කැස්සක් පැවතුන නිසා බිරිඳ විසින් සැමියා ගෙන ආ කොරෝනා පැණිය පියාට ලබාදී තිබේ. බිරිඳගේ පියාද මත්  ලෝලියකු වන අතර දෙපා පණ නැතිව ඇඳෙහිම වැතිර  සිටින නිසා ඔහුට කාලයකින් මත් වතුර බීමට  නොහැකි වී තිබේ.


බෑනාගේ  කොරෝනා පැණිය බෙහෙතක් නොව කසිප්පු බව දැනගත් ඔහු දැන්නම් ටිකක් හොඳයි එක පාර සනීප වෙන්නේ නෑනේ ටික ටික ගත්තම අඩු වෙයි යැයි දුවට පවසා ඇත්තේ දිගටම කසිප්පු පානය කිරීමට හැකි වන බව දැනගත් නිසාය. ඔහුගේ දුව ද සතුටු වූයේ මෙතෙක් කාලයක් අලසව සිටි සිය පියා පණගසා සිටින නිසාය.  එදින හවස පැමිණි බෑනා ඇමතු මාමණ්ඩිය අමුතු හිනාවකින් 'කොරෝනා බෙහෙත නම් මරු, මගේ ලෙඩ කොහෙන් ගියාද දන් නෑ' යැයි පැවසූ විට බෑනාට තරු පෙනී ඇත්තේ තම කොරෝනා බෙහෙතෙන් කොටසක් දැන් මාමණ්ඩියට ලබා දීමට සිදුවන නිසාය.