සිද්ධිය මෙසේය. තුවාලයක් සහිත කකුලද කොරගසමින් ව්‍යාපාරික ස්ථානයට පැමිණි තරුණ කාන්තාව ව්‍යාපාරිකයා ඉදිරියේ තම දුක් ගැනවිල්ල දිග හැරියාය.
‘‘මගේ මහත්තයා මාව දාල ගිහින් දැන් මාස තුනක්. ජීවත් වෙන්න විදියක් නෑ. අපිට කන්න බොන්නවත් නෑ. පොඩි ආධාරයක් කරන්න පිං සිද්ධ වෙනවා”යැයි කීවාය.
උදේ සිටම මෙවැනි අාධාර ලබා දී හෙම්බත්ව මල පැන සිටි මුදලාලි තරුණ කාන්තාව අමතා මෙසේ කීය.
‘‘නිකං බොරු කියන්න එපා. මහත්තයත් එක්ක නේද ආවේ...මං දැක්කනේ උදේ දෙන්නත් එක්ක එනවා.” එවිට යාචක කත ඇත්තම කියා ආධාරයක් ඉල්ලුවාය.
ඒ මගේ මහත්තයා නෙමෙයි. මම යාළුවෙලා ඉන්න එක්කෙනා. එයා අරෙහෙ ඉන්නවා. මේ ඇත්තමයි මම කීවේ”
එය ඇසූ සැනින් ව්‍යාපාරිකයා මෙන්ම අසල සිටි පිරිස්ද සිනා සෙන්නට වූයෙන්, ආධාරද පසෙක තබා යාචක කත පල්ලම් බැස්සේලු.
“ඇත්තම කියපු නිසා කීයක් හරි දෙන්නයි තිබුණේ” යැයි ව්‍යාපාරිකයා කීවේලු.
Comments
Post a Comment