මංගල උත්සවයක් සඳහා ගිය දෙපාර්ශවයේ ඥාති පාර්ශවයන් විවාහ රෙජිස්ට්‍රාර්වරයාව අමුතුම තාලේ චාරිත්‍රයකට අනුව පිළිගැනීමේ පුවතක් මොරගොල්ලාගම ප්‍රදේශයෙන් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
තරුණ මනාලයා ද ඔහුගේ මව හා පියා ද රජයේ රැකියාවල නියැලී සිටිති.
මව් පිය ආශිර්වාදය මැද කළයුතු මංගල උත්සවය සැමරීම සඳහා මනාල පාර්ශවයේ පිරිස මනාලියගේ නිවහනට පැමිණියහ.
පවතින කොරෝනා ව්‍යසනය හමුවේ. ඒ සඳහා දෙපාර්ශවයෙන් ම සීමිත පිරිසක් සහභාගී වූහ.
මනාලියගේ නිවසේ සිදුකළ යුතු කාර්යයන් කිරීමෙන් අනතුරුව මනාලයා හා මනාලිය දෙදෙනාගේ විවාහය ලියාපදිංචියට අත්සන් කිරීමට අදාල සාක්ෂිකරුවන් ද කැටුව විවාහ රෙජිස්ට්‍රාර්වරයාගේ නිවහන කරා ගියහ.
විවාහය ලියාපදිංචියෙන් අනතුරුව රෙජිස්ට්‍රාර්වරයාට ගතමනාව දීමේ අවස්ථාව විය.
ගෙවිය යුතු මුදල බුලත් අතක තබා රෙජිස්ට්‍රාර්වරයා වෙත පිළිගැන්විය යුතු බව පිරිසේ සිටි වැඩිහිටියෙක් කීය.
එය එසේ කළ යුතු වුවත් කිසිවෙකුත් බුලත් රැගෙන ගොස් නැත.
අති දුෂ්කර පෙදෙසක රෙජිස්ට්‍රාර්වරයාගේ නිවස පිහිටා ඇති බැවින් බුලත් ගැනීමට අවට කඩයක් හෝ නොමැත. පැමිණි අයෙකු කෙසේ හෝ එක් බුලත් කොළයක් සොයා ගත්තේ ඒ පැමිණි පිරිස කැමට ගෙනා බුලත් විටකිනි.
තවත් කොළ කිහිපයක් අතට ගත් පිරිස බුලත් අතක් හැඳුහ.
ඒ මත මුදල් තබා එය මනාලයාට බාර දුන්හ.
අසුනෙන් නැගී සිටි මනාල යුවළ චාරිත්‍රනුකූලව රෙජිස්ට්‍රාර්වරයාට එය පිළිගැන්වුහ.
ඉන් පසුව ඔවුහු එතැනින් නික්මුණහ. ගිය පිරිස අතරින් එකෙකු බුලත් දුන් ආකාරය පැහැදිලි කළේය.
බුලත් විටේ තිබූ බුලත් කොළය උඩින් තබා යටින් තැබුවේ රෙජිස්ට්‍රාර්වරයාගේ ගෙවත්තේ වඩා තිබූ ළපටි ගම්මිරිස් කොළ බවත්, ඒ අනුව දෙපාර්ශවයේ ජාමේ බේරුණු බවත් ඔහු පිරිසට පැවසීය.
Comments
Post a Comment