සිද්ධිය මෙසේය.
ප්‍රදේශයේ නිවෙස්වලට රාත්‍රී කාලයේ වහලින් හා ජනෙල්වලින් එබිකම් කර කාන්තාවන් නිදන අයුරු නැරඹීම විනෝදය කරගත් පුද්ගලයකු ප්‍රදේශයේ සැරිසරන බවට පැතිර ගිය ආරංචියක් නිසා ගම්වාසී තරුණියන් පිරිසක් ඒ ගැන විමසිල්ලෙන් සිට ඇත. එහෙත් ඔවුන්ගේ අැස් වසා දිනපතාම පාහේ ගමේ කොතනක හෝ ගෙයකට එබිකම් කර තිබේ. සමහර නිවෙස්වලට ජනෙල්වලින් ඇතුළු වී ගේ තුළට රිංගා කාන්තාවන්ගේ අඟපසඟ බලා ජංගම දුරකථන ඇත්නම් ඒවාද සොරාගෙන පසුපස දොරකින් පලා ගොස් තිබුණි.
පසුව ගම්වාසීන් මේ ගැන ප්‍රදේශයේ පොලිසියටද පැමිණිලි කර ඇත. කෙසේ හෝ මේ පුද්ගලයා අල්ලා ගැනීමට ගම්වාසීන් රාත්‍රී ගණනාවක් නිදි වරා තිබෙන අතර පසුව දිනක් නිවසකට ඇතුළුවීමට උත්සාහ කරන අවස්ථාවේදී ඔහු කොටුකර ගැනීමට ගම්වාසීහු සමත් වූහ.අල්ලාගත් මෙම පුද්ගලයාට පිරිමි පමණක් නොව කාන්තාවන්ගෙන්ද හොඳ හැටි ගුටි සංග්‍රහයක් ලැබී තිබෙන අතර පසුව මෙම පුද්ගලයා පොලිසියට භාරදීමට කටයුතු කර ඇත.
වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න
Comments
Post a Comment