gossiplanka image 1
 


පොහොර සහනාධාරය වෙනුවෙන් ලැබුණු නැනෝ දියර පොහොර අත්හදාබැලීම සඳහා මිදුලේ තිබූ මල් පැළවලට ඉසීමෙන් පසු හමාගිය දුඟද වලක්වා ගැනීම සඳහා මල්පැළ සියල්ල සෝදා පිරිසිදු කළ ගොවි මහතෙකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


පොහොර නොමැතිව දැඩි අර්බුදයට පත්ව සිටී ගොවි මහතා දවස ගෙවා දැමුවේ තම කුඹුර ගැන සිතමින්ය. නැනෝ දියර පොහොර ලබා ගැනීමට පැමිණෙන ලෙස ලද ආරංචියට අනුව එදින උදෑසන තකහනියක්ම ගොස් දියර පොහොර බෝතල් දෙක රැගෙන ආවේය.


දියර පොහොර බෝතලයේ සඳහන් උපදෙස් පරිදි මිශ්‍රණය සකසා අත්හදා බැලීම පිණිස බිරිඳ මිදුලේ සිටුවා ඇති මල් පැළ සියල්ලටම එම දියරය ඉස්සේය. වෙනද කුඹුරට යොදන කෘමි නාශකවලට වෙනස් දුඟදක් වහනය වුවත් ඔහු එය එතරම් සැලකිල්ලක් නොදැක්වීය. හිරු එළිය රස්මිය වැඩිවෙත්ම හමන දුඟඳ දෙගුණ තෙගුණ වන්නට වීම නිසා නිවසේ සියලු දොර ජනෙල්ද වසා දැමීමට ඔහු කටයුතු කළේය.


සති පොළට ගොස් සිටි බිරිඳ සහ දියණිය ගෙදර පැමිණියේ නහය හා කට වසාගෙනය. දැනෙන දුඟද කුමක්දැයි විපරම් කළ මව සහ දියණිය කිසිවක් සොයාගත නොහැකිව විමතියට පත්ව සිටියාය. නිවස තුළ සිටි ගොවි මහතා නිවසින් පිටතට පැමිණි විගස දොරද වසා දැමීම ගැන බිරිඳ හා දියණිය විමසූහ.


සැමියා පවසන ලද විස්තරය ඇසීමත් සමග කෝපයටපත් බිරිඳ සැමියාට බැන වැදීමට පටන් ගත්තාය. දැඩි දුගඳ නතර කර ගැනීමට ක්‍රමයක් නොමැති වීම නිසා බිරිඳගේ දැඩි බලකිරීම නිසා සැමියා දියර පොහොර ඉසින ලද සියලුම මල්ගස් සෝදා රීකන්ඩිෂන් කළේය. පැය දෙකක් පමණ දැඩි උත්සාහයක් දරා මල්ගස් ටික සෝදා දැමුවද දුගඳ සම්පූර්ණයෙන් පහව නොගිය නිසා සුවඳ කුඩු පැකට් එකක් ගෙනැවිත් දින කිහිපයක් ගතවන තෙක් දැල්වීමටද ගොවි මහතාට අවසානයේ සිදුවූ අතර ඉතිරි දියර පොහොර ටික වළක් කපා එයට දමා වසා දැමීම සිදුකළත් සිදුවූ අකරතැබ්බය ගම්මුන්ගෙන් වසන් කර ගැනීමට ඔහුට නොහැකි විය.