ලොකු කුඹුරු යායක හිමිකරුවා වූ ගොවිමහතකු පසුගියදා අස්වැන්න නෙළා එහි වූ වී කුඹුරේම කමතක වේළෙන්නට වනා ගෙදර ගියේ තම ගෝලයාට එය බලා ගන්නට කියායි.
ගෝලයා පැලට වී සිටින විට ලොකු බලු රංචුවක් ඒ අසලට පැමිණ ටික දෙනෙක් වී වනා තිබූ ස්ථානයට ගොස් ඉව අල්ලමින් වී මත ඒ මේ අත දුවන්නට වූහ.
බලු රැළ එළවීමට කෑගැසුවත් ඉන් පලක් නොවූ විට ඔහු කළේ අසල වූ ගල් සහ වැලි අහුරකින් බල්ලන්ට දමා ගැසීමය. බල්ලන් පැන ගියත් යළි එහි අා නිසා ඔහු යළිත් වැලි අහුරක් ගෙන වී මත සිටින බල්ලන්ට ගැසූ අතර ඒ මොහොතේ ගොවි මහතා දුවගෙන ආවේ ‘‘හත් දෙයියනේ’’ කියාගෙනය.
වී මතට වැටුණු වැලි සහ ගල් දුටු ඔහු ගෝලයාට බැන වැදුණේ ‘‘යකෝ මේක සේරම වැලි උඹනං මහදැනමුත්තගේ ගෝලයෙක් නෙව’’ කියමින් ලු.
Comments
Post a Comment