gossiplanka image 1
 


ඇය පස්සර ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණියකි. ඔහු හසලක ප්‍රදේශයේ තරුණයකි. දෙදෙනා යාළුවුයේ දුරකථනය ඔස්සේය. දුරකථන සංවාද දිනෙන් දින ආදර සංවාද බවට පත්විය. දැන් ඔවුහු පෙම්වතුන්ය. '' අනේ එන්නකෝ මට ආසයි ඔයා බලන්න'' පෙම්වතිය කීවාය.


"හරි මං එන්නං හැබැයි ඔයලගේ ගෙදරට නෙමෙයි, පස්සර කිරිමණ්ඩලය ළගට '' පෙම්වතා කීවේය.


පෙම්වතිය එයට වකඟවිය. පෙම්වතා ඉකුත් දා පැමිණියේ යතුරුපැදියෙනි. ඔහු අතර හෙල්මට් චක්ද සහිතව පැමිණ සිටියේය. 


"ආ ......නේ.....ඔයා දුරකථන පෙම තරම් ඉක්මනින් සැබෑවනු ඇතැයි දෙදෙනාම නොසිතූහ.


''අපි යමු මුතියංගනේ වඳින්න '' පෙම්වතාගේ ආරාධනයට පෙම්වතිය දෙවරක් නොසිතාම කැමති විය. කූඩුවකින් මුදාහළ කුරුලු ජෝඩුවක් මෙන් යතුරු පැදියේ නැගුණු දෙදෙනා පියඹන්නට වූහ.


බදුල්ලට ළඟාවෙද්දී " අපි තේ එකක් බල යමු '' පෙම්වතා කීවේය.


"හා......... පෙම්වතිය කැමැති වුවාය.


තේ පානය සඳහා ගියත් පෙම්වතා පෙම්වතිය කැටුව ගියේ  හෝලයේ කාමරයකටය. විනාඩි කිපයක් යනවිට සියල්ල සිදුවී අවසන්ය. කෙල්ලට කඳුළු ආවේ ඉන්පසුවය. ඔයා මාව බඳින්න ඇය ආයාචනා කළාය.


'' අපෝ දැන්ම බැහැ. මට රස්සාවකුත් නැහැ " පෙම්වතා කීවේය.


වැටුණ වළෙන් ගොඬ වීමට අමාරු බව දැනගත් පෙම්වතිය හිතට ධෛර්යය ගෙන සිනාසී හරි එහෙනම්  අපි අපේ නැන්දලාගේ ගෙදර යමු කියා. යළි පස්සර ගොස් ගෙදර නොගොස් නැන්දලාගේ ගෙදරට පෙම්වතා කැටුව ගියේය.  නැන්දලාට මේ සිද්ධිය පැවසු පසු නැන්දා ද පෙම්වතාගෙන් ඉල්ලා සිටියේ මේ තරුණිය සමඟ විවාහ වන ලෙසටය.


එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ තරුණයා ආපසු හැරියන්නට උත්සාහ කළත් එය අසාර්ථක විය. පෙම්වතිය කළ පැමිණිල්ලට අනුව පොලිසිය විසින් පෙම්වතා අත්අඩංගුවට ගෙන දෑතට විලංගු දැම්මේය. ස්ත්‍රී දුෂණය යන චෝදනාව ඔහුට එල්ලවී ඇත.