gossiplanka image 1
 



අනුරාධපුර පුල්ලයාර් හන්දිය ප්‍රදේශයේදී රුපියල් හාරලක්ෂ අනුපන්දහසක් වටිනා මුදල් හා ස්වර්ණාභාරණ සොරකම් කළේ යැයි කියන කොත්තු බාස් වෛද්‍යවරයකු සේ ඇඳ පැළඳ  රෝහලට පැමිණි අවස්ථාවේ සොර බඩුත් සමගින් අත්අඩංගුවට ගැනීමට අනුරපුර පොළීසිය සමත්විය.  සිද්ධියෙන් අත්අඩංගුවට ගනු ලැබුයේ ස්ථිර නවාතනක් නැති කඩවසම් තරුණයෙකි. ඔහු එක් දරු පියෙකි.


අනුරාධපුර පුල්ලයාර හන්දිය ප්‍රදේශයේ ආපන ශාලාවක හිමිකරුවකුගේ නිවසට ඇතුළු වී මුදල් ස්වර්ණාභරණ හා ලැප්ටොප් පරිගණකයක් ඇතුළු භාණ්ඩ රැසක්  සොරාගෙන ගොස් ඇති බවට අනුරපුර පොලිසියට පැමිණිල්ලක්  ලැබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපන ශාලා හිමිකරුට කොත්තු බාස් සම්බන්ධව සැකයක් ඇති වී තිබුණි. ඔහුගේ නම  සොයන්නට වෙහස වුවද ආපන ශාලා හිමිකරුට හමු වුයේ ගිණුම් අංකයක් පමණි. එහි ගිණුම් අංකය ඔස්සේ තොරතුරු සෙවු අනුරපුර පොලිස් නිලධාහු සැකකරුගේ බිරිය පදිංචි මැදිරිගිරියේ දුෂ්කර ගම්මානයක් බලා ගියහ. පොලිසියට හමු වූ සැකකරුගේ බිරිය පොලිසියට පවසා ඇත්තේ තම පුරුෂයා දිගු කලකින් නිවසට නොපැමිණි බවයි.


බිරියගෙන් ලද දුරකථන අංකය ඔස්සේ කතා කළ පොලිසියට සැකකරු මැදිරිගිරිය රෝහල වෙත ගෙන්වා ගැනීමට හැකි විය. ඒ බිරියට අසනීප යැයි පැවසු කතාවකින් අනතුරුවය. මද වේලාවක් ගත වි සිට මත්තෙන් සැකකරු ලැප්ටොප් පරිගණකයක් අතැතිව වෛද්‍යවරයකුසේ වෙස් වලාගෙන වාට්ටු සංකීර්ණයේ බිරිද සොයා ඇවිද ගෙන යන අයුරු දුටු පොදිසිය කඩිමුඩියේ දිවගොස් සොරාගත් ලැප්ටොප් පරිගණකයත් සමගින් සැකකරු අත්අඩංගුවට ගත්තේය.