මාතලේ ප්‍රදේශයේ දක්‍ෂ ට්‍රැක්ටර් රියදුරෙකි.
ඔහු හොර දැව ප්‍රවාහනය කිරීමට දක්‍ෂයෙකි. අද ඉස්සර වාගේ හොර වැඩ කරන්න අමාරුයි. පොඩි එකාගේ සිට මහල්ලා දක්වා ජංගම දුරකතන භාවිතා වන නිසාය. ග්‍රාම නිළධාරීන් සිටියත් පොලිසිය හොර දැව ජාවාරමිකරුවන් පසුපස හඹා යන අවස්ථා ඇත. අල්ලා ගත් අයට නිදහසේ දැව ගෙන යාමට ලැබෙන අවස්ථාත් තියයි. අධිකරණයට යන අයත් බොහෝ වෙති. දිනක් ඔහු ගම් ප්‍රදේශයක බලපත්‍ර රහිතව දැව තොගයක් තම ට්‍රැක්ටරයට පටවාගෙන ගමනක් ආරම්භ කළේය. ගමේ අතුරු මාර්ගය අඩි 10 ක් 15 ක් පමණ පළලය. ට්‍රැක්ටරය යනවිට වෙනත් වාහනකට මාරුවීමද අපහසුය. රියැදුරා ට්‍රැක්ටරයේ දැව පටවා ගෙන ගමන ආරම්භ කළේය.
ටික දුරක් යනවිට පිටු පසින් පොලිස් ජිප්රථයක් එන අයුරු දුටුවේය. අද නම් අසුභවන බව දැනුණි. දැඩිව තීරණයකට එළඹීමට ඉතා සුළු මොහොතක් ගතවිය. දැව සහිත ට්‍රැක්ටරය අසු වුනොත් දඬුවම් දෙකකි. ඉන් එකකින් මිදී ට්‍රැක්ටරය අසු නොවන්නට ඔහු තීරණයක් ගත්තේය. අතුරු පාර දිගේ ටේළරයේ තිබු සපු දැව තොගය බිමට හලා යන්නට ගියේය. පොලිස් රථය දැව අසල නතර විය. ට්‍රැක්ටරය ආගිය අතක් සොයා ගැනීමට නොහැකි විය.
Comments
Post a Comment