gossiplanka image 1
 


කෙම


මෙරුවන් පැමිණෙන විට නුදුරේ ඇති ගසක් වෙත කතා නො කර ගොස් අත්තක් කඩාගෙන කතා නො කර පැමිණ පහන අසලින් දවටනු. මෙරුවෝ පළායති. අත්දුටුවයි සත්තයි.


එහි විද්‍යාත්මක පදනම


මෙරුවන් පළවා හැරීම සඳහා කරනු ලබන මෙම අපූරු සරල කෙම ඔබ ද අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබා ඇතුවාට කිසි ම සැකයක් නැත. මන්ද මෙය අපේ ජන සමාජය තුළ ක්‍රියාත්මක වන ඉතාමත් ප්‍රචලිත කෙමක් වන බැවිනි. මෙම කෙම පිළිබඳ ව ඇතැම් අය අතර විමතියක් ද පවතී. කොළ අත්තක් කඩා එල්ලීමෙන් පසු ව පහන් ආලෝකය හඹා එන සිය ගණන් මෙරුවෝ පළා යන්නේ කුමක් නිසා ද යන කාරණය ඊට පාදක වී ඇත.කෙම පිළිබඳ ව විස්වාසයක් නැති පුද්ගලයින්ට ඒ පිළිබඳ ව අවබෝධයක් ලබාගැනීමට මෙරුවන් පළවා හැරීමේ කෙම සපයනු ලබන්නේ මාහැගි අත්වැලකි.


අත්හදා බැලීම ද ඉතාමත් පහසු ය. ගස්වල අතුරිකිලි හෝ කොළ කඩා කරනු ලබන කෙම් ක්‍රම රාශියක් අපේ ජන ජීවිතය හා බද්ධ වී පවතී.කැලයේ අතරමං වුණ විට ගසකින් අත්තක් කඩා ගසක එල්ලීම, යම් යම් අසාදන මග හැරවීම සදහා කොළයක් කඩා රෝගියාට නො දැනෙන්නට ඔහුට පෑගෙන්ට දැමීම, සතෙක් දඩයම් කිරීමෙන් පසු ව ගෙනයන තෙක් ආරක්ෂා වීම සඳහා කොළ අත්තක් කඩා සතා ගේ ඇග මත හෙළීම, කැලයට ඇතුල් වෙන විට වන සතුන් ගෙන් ආරක්ෂා වී නිරුපද්‍රිතව ආපසු ඒම පිණිස අත්තක් කඩා එල්ලීම ඉන් සමහරකි.  දැල්වෙන පහන අසල අත්තක් කඩා එල්ලූ විට විශ්මිත අයුරු මෙරුවෝ පළා යන්නේ කුමන බලපෑමක් නිසා ද යන්න පිළිබඳ ව විමසා බැලීමේ දී ඊට පාදක වන හේතු සාධක අවබෝධ කර ගැනීම අසීරු නොවේ.


මෙරුවෝ යනු පොළව තුළ ඉපදෙන කීට විශේෂයකි. දළඹුවෙක් සමනළයෙක් බවට රූපාන්තරණය වෙන්නාක් මෙන්, එම කීටයෝ ද මෙරුවන් බවට පත්වෙන්නේ තටු ඉදීම නිසා ය.  ඉන්පසු මෙරුවෝ අඳුරු පොළෝ ගැබ තුළ ජීවත් වීම ප්‍රතිකේෂ්ප කරති. පොළවේ සිදුරක් සාදාගෙන පොළව මතු පිටට පැමිණෙති. මෙම පැමිණීමත් සමග ආලෝකයට සංවේදී වෙන මෙරුවෝ රංචු පිටින් දැක්වෙන පහන් ආලෝක සොයා පියාඹති. මෙරුවෝ නිවැසියන්ට කරදරයක් වෙන්නේ එ විට ය.  කරදරකාරී සතුන් වුව ද විනාශ කිරීමේ පුරුද්දක් නැති පැරැන්නෝ උන් පහසුවෙන් පළවා හැරීමේ ක්‍රමවේධ සොයන්නට ඇත. මෙම සරල කම ද එ වන් මෙරුවන් පළවා හැරීමේ ක්‍රම කොට්ටයක් යයි උපකල්පනය කළ හැකි ය. එ තැන් සිට වර්තමානය දක්වා ම මෙරුවන් පළවා හැරිමේ මෙම කෙම භාවිතා වෙමින් පවතී. ඒ වගේම අනාගතය කරා ද ප්‍රචලිත ව පවත්නා බොහෝ කෙම් ක්‍රම හා මෙරුවන් පළවා හැරීමේ කෙම ද බද්ධ වී පවතිනු ඇත.


අඳුරු පොළෝ ගැබ තුළින් පැමිණෙන මෙරුවෝ පහන් ආලෝකයට සංවේදී වුව ද කොළ අත්තට සංවේදී නොවේ. එය මෙම සත්ව විශේෂයට නුරුස්සන දෙයකි. කොළ අත්තට පහන් ආලෝකය වැටුණු විට එම තත්වය තවදුරටත් තීව්‍ර වේ. එ විට මෙරුවෝ එම ස්ථානය හැර පළා යති. මෙම මෙම ක්‍රියාවට නැංවීම සඳහා කතා නො කර කොළ අතක් කඩා එල්ලිය යුත්තේ කුමක් නිසා ද යන පැනය ඔබේ සිත තුළ ඇති වීමට පුළුවන. එයට ද පැහැදිලි පිළිතුරක් සැපයීම අසීරු කාර්යයක් නොවේ.  කතා නො කර කොළ අත්තක් කැඩීමේදීත්, එල්ලීමේදීත් සිදුවන්නේ අදාළ ක්‍රියා ව සඳහා පැවතිය යුතු ආචාර ධර්මය සුරැකීමත්, කතා කරන විට ශබ්ද තරංග මගින් කොළ අත්ත දූෂ්‍ය නො වීමත් ය.